මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්,
දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්,
ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න.
පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි.
මගේ නාමයෙන් හඳුන්වනු ලබන ඒ හැම කෙනෙක් ම
මගේ මහිමය උදෙසා මවිසින් මවා,
නිර්මාණ කොට සාදන ලද්දෝ වෙති.”