“ස්වාමින්වහන්සේ මම ය. මම දමිටුකමින් ඔබ කැඳවීමි.
මම ඔබේ අත අල්ලා ගනිමි. මම ඔබ තබා ගනිමි.
ජනතාව සඳහා ගිවිසුමක් වශයෙන් හා
ජාතීන් සඳහා එළියක් වශයෙන්
මා ඔබ දෙන්නේ,
අන්ධයින්ගේ ඇස් විවර කරන්නටත්,
සිර ගෙයි සිටින සිරකරුවන්
අන්ධකාරයේ හිඳ සිටින හිරගෙයින් පිටතට ගෙන ඒමටත් ය.