1
යෙසායා 44:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද පිපාසිත දේශය මත මම ජලය වගුරුවමි. වියළි බිම මත දිය පාරවල් වගුරුවමි. ඔබේ දරු පරපුර මත මම මගේ ආත්මයාණන් වගුරුවමි. තවද මගේ ආශිර්වාදය ඔබෙන් පැවත එන්නන් මත ය.
Compare
Explore යෙසායා 44:3
2
යෙසායා 44:6
“ස්වාමින්වහන්සේ, ඉශ්රායෙල්ගේ රජ්ජුරුවන් ද ඔහුගේ මිදුම්කරුවාණන් ද වන සේනාංකවල ස්වාමින්වහන්සේ, මෙසේ කියන සේක: පළමු වැන්නා මම ය. අන්තිමයා ද මම ය. මා හැර, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.
Explore යෙසායා 44:6
3
යෙසායා 44:22
මම ඔබේ අපරාධ වලාකුළක් මෙන් ද ඔබේ පාප මී-දුම මෙන් ද පහ කර දැමුවෙමි. මා වෙත ආපසු එන්න. මම ඔබ මුදා ගත්තෙමි.”
Explore යෙසායා 44:22
4
යෙසායා 44:8
භය නො වන්න. තැති නො ගන්න; බොහෝ ඉහත පටන් මම මෙය නො කීවෙම් ද? ඔබට ප්රකාශ නො කළෙම් ද? මගේ සාක්ෂිකරුවෝ ඔබයි. මා මිස අන් දෙවියන්වහන්සේ කෙනකු වේ ද? අන් පර්වතයාණන් කෙනකු නැත. එවන් එක් කෙනකු ගැනවත් මම නො දනිමි.”
Explore යෙසායා 44:8
5
යෙසායා 44:2
ඔබ තැනූ, මවු කුස තුළ ඔබ නිම වූ, ඔබට උපකාර කරන තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: භය නො වන්න, එම්බා යාකොබ්, මගේ සේවකය, මා තෝරාගත් යෙෂුරූන්.
Explore යෙසායා 44:2
Home
Bible
Plans
Videos