ගීතාවලිය 20
20
ගීතාවලිය 20
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1විපත් අවස්ථාවන්හි ස්වාමින්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක්වා!
යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ ආරක්ෂා කරනු ලැබේවා!
2උන්වහන්සේ ශුද්ධස්ථානයේ සිට ඔබට උපකාර එවන සේක්වා!
සියොනෙහි සිට ඔබට ආධාර කරන සේක්වා!
3උන්වහන්සේ ඔබේ හැම පුද-පූජාවක් ම සිහි කරන සේක්වා!
ඔබගේ දවන යාග පූජා පිළිගන්නා සේක්වා! සෙලා
4උන්වහන්සේ ඔබේ හද අභිලාෂය ඉටු කර දෙන සේක්වා!
ඔබේ සැලසුම් සියල්ල සඵල කරන සේක්වා!
5ඔබ ජය ගත් කල්හි, අපි ප්‍රීති ඝෝෂා නගන්නෙමු;
අපේ දෙවියන්වහන්සේගේ නාමයෙන් අපේ ධජ ඔසවන්නෙමු.
ස්වාමින්වහන්සේ ඔබේ සියලු ඉල්ලීම් සඵල කර දෙන සේක්වා!
6එබැවින් දැන් මම දනිමි:
ස්වාමින්වහන්සේ ස්වකීය අභිෂේක ලද්දාණන් ගලවන සේක.
ගැලවීමේ බලය තම දකුණතේ දරාගෙන,
තම ශුද්ධ ස්වර්ගයේ සිට, උන්වහන්සේ ඔහුට පිළිතුරු දෙන සේක.
7ඇතැම්හු යුද්ධ රථ ගැන ද ඇතැම්හු අශ්වයින් ගැන ද විශ්වාසය තබති.
එහෙත් අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබන්නෙමු.
8ඔවුන් ඇද වැටී, පරාජය වනු ඇත.
එහෙත් අපි නැගී සිටිමින්, ජය ගන්නෙමු.
9අහෝ ස්වාමින්වහන්ස, රජතුමාට ජය දුන මැනවි!
හඬ ගසන කල, අපට පිළිතුරු දුන මැනවි!
Currently Selected:
ගීතාවලිය 20: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.