ගීතාවලිය 21
21
ගීතාවලිය 21
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, රජු, ඔබ දුන් ශක්තිය ගැන ප්‍රීති ප්‍රමෝද වෙයි.
ඔබ දෙන ජයග්‍රහණ නිසා, ඔහුගේ ප්‍රීතිය කොතරම් මහත් ද!
2ඔහුගේ හද අභිලාෂය, ඔබ ඉටු කර දුන් සේක;
ඔහුගේ මුවින් කළ ඉල්ලීම, ඔබ පැහැර නො හැරිය සේක. සෙලා
3අනර්ඝ ආශිර්වාද රැගෙන, ඔබ ඔහු පිළිගත් සේක්,
ඔහුගේ හිස මත දඹ රන් කිරුළක් පැලඳූ සේක.
4ඔහු ඔබගෙන් ජීවනය ඉල්ලී ය;
ඔබ ඔහුට සදාතනික දිගායු දුන් සේක.
5ඔබ දුන් ජයග්‍රහණ තුළින් ඔහු ලද කීර්ති මහිමය ඉමහත් ය.
ඔබ ඔහුට ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් ප්‍රදාන කළ සේක.
6සැබවින් ම, ඔබවහන්සේ සදාතනික ආශිර්වාද ඔහුට දුන් සේක;
ඔබ අබියස සිටීමේ ප්‍රීතියෙන් ඔබ ඔහු ප්‍රමෝද කළ සේක.
7මන්ද, රජු විශ්වාසය තබා ඇත්තේ, ස්වාමින්වහන්සේ තුළ ය;
මහෝත්තමයාණන්ගේ නොමියෙන ප්‍රේමය නිසා,
ඔහු සෙලවිය නො හැක.
8ඔබේ හස්තය, ඔබේ සියලු සතුරන් සොයා අල්ලා ගනු ඇත;
ඔබේ දකුණත, ඔබේ එදිරිවාදීන් ග්‍රහණයට ගනු ඇත.
9ඔබ පෙනී සිටින කල
ඔබ ඔවුන් ඇවිළෙන ගිනි උදුනක් සේ කරනු ඇත;
ස්වකීය උදහසේදී ස්වාමින්වහන්සේ ඔවුන් ගිල දමනු ඇත.
ගින්න, ඔවුන් ගිල දමනු ඇත.
10ඔබ ඔවුන්ගෙන් පැවතෙන්නන්, මහ පොළොව වෙතින් ද
ඔවුන්ගේ අනාගත පරපුර, මිනිස් සංහතිය වෙතින් ද විනාශ කර දමනු ඇත.
11ඔවුන් ඔබට එරෙහිව දුෂ්ට කුමන්ත්‍රණ කළ ද,
නපුරු උපා ප්‍රයෝග යෙදුව ද, ඒවා සඵල නො වේ.
12ඔබ ඔවුන් පිටුපා පලා යන්නට සලස්වන සේක;
ඔබගේ දුනු-දිය ඇද, ඔවුන්ගේ මුහුණු වෙත එල්ල කරන සේක.
13අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ ශක්තියෙහි උසස් වුව මැනව;
ඔබගේ ප්‍රබලත්වය ගැන අපි ගී ගයන්නෙමු; ප්‍රශංසා කරන්නෙමු.
Currently Selected:
ගීතාවලිය 21: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.