මම මෙසේ පැවසීමි:
“අහෝ ස්වාමින්වහන්ස, ස්වර්ගයේ දෙවියන්වහන්ස, ඔබට ප්‍රේම කරන, ඔබගේ ආඥා පිළිපදින අය සමඟ තම නොමියෙන ප්‍රේමයේ ගිවිසුම පවත්වන උතුම් වූ, භයංකර වූ දෙවියන්වහන්ස, ඔබගේ සේවක මා, දැන් ඔබගේ සේවකයින් වන ඉශ්රායෙල් ජනයා උදෙසා දහවලේ හා රාත්‍රියේ ඔබ ඉදිරියේ කරන කන්නලව්වට ඔබගේ සවන් යොමු කර, දෙනෙත් විවර කර, ඇසුව මැනව. ඉශ්රායෙල් අපි ඔබවහන්සේට එරෙහිව කළ පාප, මම කියා දෙමින්, මා ද මගේ පියාගේ ගෘහවාසී සියල්ලන් ද පව් කර ඇත.