ඉන්පසු ඔවුන් ඇමතූ මම, “අප පත් වී ඇති කරදරය ඔබට පෙනේ; යෙරුසලම එහි දොරටු ගින්නෙන් දැවී ගරා වැටී ඇති හැටි. තවත් අප නින්දාවට පත් නො වන පිණිස එන්න! අපි යෙරුසලම් පවුර යළි ගොඩ නගමු” යි කීමි. තවද මගේ දෙවියන්වහන්සේගේ හස්තය මා පිට දයාවත් වූ සැටිත්, රජු මට කී දෑත් මම ඔවුන් සමඟ පැවසීමි.
එවිට ඔවුහු, “අපි නැගිට, ගොඩ නගමු” යි පැවසූහ. එසේ ඔවුහු මේ යහ වැඩය සඳහා තම අත් ශක්තිමත් කර ගත්හ.