ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මිනිසා තුළ විශ්වාසය තබන,
මාංසය තුළ තම ශක්තිය රඳන,
ස්වාමින්වහන්සේ වෙතින් හද ඉවතට හරවන මිනිසාට ශාප වේ.
ඔහු පාළුකරයේ පඳුරක් වැන්න;
සෞභාග්‍ය එන කල, ඔහු එය දකින්නේ නැත.
කාන්තාරයේ වියළී, කරවී, ගිය තැන්හි,
කිසිවකුත් වාසය නො කරන ලුණු බිම් පෙදෙසක ඔහු වාසය කරනු ඇත.