1
යෙසායා 35:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ විසින් මුදනු ලැබූවන් යළි පෙරළා එනු ඇත. ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත. සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත. සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ. ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.
Compare
Explore යෙසායා 35:10
2
යෙසායා 35:3-4
බෙලහීන අත් සවිමත් කර ගන්න. දුබල දණහිස් ප්‍රාණවත් කර ගන්න. බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න: “බලවත් වන්න. භය නො වන්න. මෙන්න ඔබේ දෙවියන්වහන්සේ පළි ගැනීමට එන සේක. උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක. ඔබ ගලවා ගැනීමට එන සේක.”
Explore යෙසායා 35:3-4
3
යෙසායා 35:8
එහි මහ මාවතක් වන්නේ ය. ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත. අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත. එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය. අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත!
Explore යෙසායා 35:8
4
යෙසායා 35:5
එකල අන්ධයින්ගේ ඇස් අරිනු ලැබේ. බිහිරන්ගේ කන් ඇසෙන්නට සැලසේ.
Explore යෙසායා 35:5
5
යෙසායා 35:6
එකල, කොර මිනිසා මුවකු සේ පැන පැන දුවනු ඇත. ගොළු මිනිසාගේ දිව ප්‍රීතිය නිසා කෑ ගසනු ඇත. පාළුකරයේ ඇළදොළ දිය ගලා යනු ඇත. කාන්තාරයේ ජල ධාරා ගලා බසිනු ඇත.
Explore යෙසායා 35:6
Home
Bible
Plans
Videos