යෙසායා 35
35
මිදීම ලද්දවුන්ගේ ප්‍රීතිය
1පාළුකරය හා වියළි දේශය ප්‍රීති වනු ඇත.
කාන්තාරය ප්‍රමෝදවත් වී, සෙව්වන්දි මෙන්
මල් දරනු ඇත. 2බහුල ව මල් හට ගැන්වී,
එය ප්‍රීතියෙන් හා ප්‍රීති ඝෝෂාවෙන් ප්‍රමුදිත වනු ඇත.
ලෙබනොන්හි මහිමය ද
කර්මෙල්හි හා ෂාරොන්හි ශෝභාව ද ඊට දෙනු ලැබේ.
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ද
අපේ දෙවියන්වහන්සේගේ ශෝභාලංකාරය ද ඔවුන් දකිනු ඇත.
3බෙලහීන අත් සවිමත් කර ගන්න.
දුබල දණහිස් ප්‍රාණවත් කර ගන්න.
4බියසුළු හදක් ඇත්තවුන්ට මෙසේ කියන්න:
“බලවත් වන්න. භය නො වන්න.
මෙන්න ඔබේ දෙවියන්වහන්සේ
පළි ගැනීමට එන සේක.
උන්වහන්සේ දිව්‍ය පල විපාක දීමට එන සේක.
ඔබ ගලවා ගැනීමට එන සේක.”
5එකල අන්ධයින්ගේ ඇස් අරිනු ලැබේ.
බිහිරන්ගේ කන් ඇසෙන්නට සැලසේ.
6එකල, කොර මිනිසා මුවකු සේ පැන පැන දුවනු ඇත.
ගොළු මිනිසාගේ දිව ප්‍රීතිය නිසා කෑ ගසනු ඇත.
පාළුකරයේ ඇළදොළ දිය ගලා යනු ඇත.
කාන්තාරයේ ජල ධාරා ගලා බසිනු ඇත.
7ගිනිගත් වැල්ල, දිය පොකුණක් වනු ඇත.
පිපාසිත බිමෙහි දිය උල්පත් පැන නගිනු ඇත.
සිවලුන් ලැගුම් ගත් තිප්පොළවල
තෘණ, බට ගස් හා පන් වැඩෙනු ඇත.
8එහි මහ මාවතක් වන්නේ ය.
ශුද්ධත්වයේ මාර්ගය නමින් එය හැඳින්වෙනු ඇත.
අපවිත්‍ර කිසිවකුත් එහි ගමන් ගන්නේ නැත.
එය ඒ මාර්ගයේ ඇවිදින අයට ම ය.
අනුවණයින් පවා එහි මංමුළා වන්නේ නැත!
9සිංහයින් එහි නො වනු ඇත.
රුදුරු කිසි සතකු එහි නැගිටිනු නැත.
උන් කිසිවකු එහිදී දැකිය නො හැක.
එහෙත් මුදනු ලැබූවන් පමණක් එහි ගමන් ගනු ඇත.
10 ස්වාමින්වහන්සේ විසින් මුදනු ලැබූවන් යළි පෙරළා එනු ඇත.
ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත.
සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත.
සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ.
ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.
Currently Selected:
යෙසායා 35: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.