1
ද්විතීය 28:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට විශ්වාසවන්ත ව ඔබ කීකරු වී, අද මා ඔබට ආඥා කරන උන්වහන්සේගේ ආඥා සියල්ල ඕනෑකමින් පිළිපදින්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිහි පිට අන් සියලු ජාතීන්ට වඩා ඉහළින් ඔබ හිඳුවන සේක.
موازنہ
تلاش ද්විතීය 28:1
2
ද්විතීය 28:2
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නේ නම්, මේ සියලු ආශිර්වාද ඔබ කරා පැමිණ, ඔබ සමඟ පැවත සිටිනු ඇත.
تلاش ද්විතීය 28:2
3
ද්විතීය 28:13
ස්වාමින්වහන්සේ ඔබ වලිගය නො ව, හිස බවට පත් කරන සේක. ඔබ නිරතුරු ව ඉහළින් සිටිනු ඇත. කිසි දින පහළට නො යනු ඇත. එසේ වන්නේ අද මා ඔබට අණ කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට අවධානය යොමා, ඕනෑකමින් ඒවා පිළිපදින්නේ නම් හා
تلاش ද්විතීය 28:13
4
ද්විතීය 28:12
නිසි කලට ඔබේ දේශයට වැසි එවන පිණිසත්, ඔබේ අත්වල හැම වැඩකට ම ආශිර්වාද කරන පිණිසත්, ස්වාමින්වහන්සේ තම ඉසුරුමත් ගබඩාව වන අහස විවර කරන සේක. බොහෝ ජාතීනට ඔබ ණයට දෙන නමුත්, කිසිවකුගෙන් ඔබ ණය ගන්නේ නැත.
تلاش ද්විතීය 28:12
5
ද්විතීය 28:7
ඔබට එරෙහිව නැගී සිටින සතුරන් ඔබ ඉදිරියෙහි පරාජය වීමට ස්වාමින්වහන්සේ සලස්වන සේක. ඔවුන් එක් දිසාවකින් ඔබ වෙත පැමිණ, හත් දිසාවකින් ඔබ වෙතින් පලා යනු ඇත.
تلاش ද්විතීය 28:7
6
ද්විතීය 28:8
ඔබේ අටු-කොටුවලට ද ඔබ අත තබන හැම දේට ම ද ස්වාමින්වහන්සේ ආශිර්වාදයක් එවන සේක. උන්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක.
تلاش ද්විතීය 28:8
7
ද්විතීය 28:6
ඇතුළට එන විට ඔබ ආශිර්වාද ලබන්නේ ය; පිටතට යන විට ද ඔබ ආශිර්වාද ලබන්නේ ය.
تلاش ද්විතීය 28:6
8
ද්විතීය 28:3
නගරයේදී ඔබ ආශිර්වාද ලබන්නේ ය; ගමේදීත් ඔබ ආශිර්වාද ලබන්නේ ය.
تلاش ද්විතීය 28:3
9
ද්විතීය 28:4
ඔබේ ගර්භයේ පලය ද ඔබේ භූමියේ අස්වැන්න ද ඔබේ ගව සම්පතේ පලය ද සත්ව රංචුවල වැඩිවීම ද එළු බැටළු රැළේ පැටවුන් ද ආශිර්වාද ලබන්නේ ය.
تلاش ද්විතීය 28:4
10
ද්විතීය 28:9
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ඔබ පිළිපදිමින්, උන්වහන්සේගේ මාර්ගවල ගමන් ගන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබට දිවුරා පොරොන්දු වූ පරිදි, ස්වකීය ශුද්ධ ජනතාව කොට ඔබ පිහිටු වන සේක.
تلاش ද්විතීය 28:9
11
ද්විතීය 28:5
ඔබේ බඩු මල්ල ද ඔබ පිටි අනන බඳුන ද ආශිර්වාද ලබන්නේ ය.
تلاش ද්විතීය 28:5
12
ද්විතීය 28:11
ඔබට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ දේශයේදී ඔබේ ගර්භයේ පලයටත්, ඔබගේ සත්ව රංචුවල පැටවුනටත්, ඔබේ භූමියේ පලදාවටත් ස්වාමින්වහන්සේ ඔබට විපුල සඵලත්වයක් දානය කරන සේක.
تلاش ද්විතීය 28:11
13
ද්විතීය 28:10
එවිට ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ අමතනු ලබන වග දකින මිහි පිට වෙසෙන සියලු ජනතාවෝ ඔබට භය වන්නෝ ය.
تلاش ද්විතීය 28:10
14
ද්විතීය 28:14
මා අද ඔබට ආඥා කරන වචනවලින් කිසි ලෙසකින්වත් දකුණට හෝ වමට හෝ නො හැරී, වෙනත් දෙවිවරුන් පසු පස නො යමින්, ඔවුනට සේවය කිරීමට නො යෑමෙන් ය.
تلاش ද්විතීය 28:14
15
ද්විතීය 28:15
එනමුත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු නො වී, මා අද ඔබට ආඥා කරන උන්වහන්සේගේ සියලු ආඥා හා නියෝග ඕනෑකමින් ඔබ පිළිපදින්නේ නැති නම්, මේ සියලු ශාප ඔබ කරා පැමිණ, ඔබ ග්රහණය කර ගනු ඇත.
تلاش ද්විතීය 28:15