1
නික්මයාම 23:25-26
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ නමස්කාර කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. උන්වහන්සේ ඔබේ ආහාරයට හා ජලයට ආශිර්වාද කරන සේක. මම ඔබ අතරින් ලෙඩ රෝග දුරු කර දමන්නෙමි. ඔබේ දේශයේ කිසිවකුත් ගබ්සා වන්නේ නැත; වඳ බවට ද පත් නො වේ. මම ඔබට පූර්ණ ආයු කාලයක් ලබා දෙන්නෙමි.
مقایسه
නික්මයාම 23:25-26 را جستجو کنید
2
නික්මයාම 23:20
“මෙන්න! මග දිගට ම ඔබ සුරකින පිණිසත්, මා සූදානම් කළ ස්ථානයට ඔබ කැඳවාගෙන එන පිණිසත්, ඔබට පෙරටුවෙන් දේව දූතයකු යවමි.
නික්මයාම 23:20 را جستجو کنید
3
නික්මයාම 23:22
ඔහු පවසන දෑට ඔබ ඕනෑකමින් සවන් දී, මා කියන සියල්ල කරන්නේ නම්, ඔබේ සතුරන්ට මම ද සතුරකු වන්නෙමි. ඔබට විරුද්ධ වන්නන්ට මම ද විරුද්ධවාදියකු වන්නෙමි.
නික්මයාම 23:22 را جستجو کنید
4
නික්මයාම 23:2-3
“නපුර කිරීමට බොහෝ දෙනාගේ පැත්ත නො ගන්න; යුක්තිය පෙරළීම පිණිස, නඩු විභාගයක සාක්ෂි දීමේදී ද ඔබ බොහෝ දෙනාගේ පැත්ත නො ගත යුතු ය. නඩු විභාගයකදී දුප්පතකුට ඔබ පක්ෂග්රාහී නො විය යුතු ය.
නික්මයාම 23:2-3 را جستجو کنید
5
නික්මයාම 23:1
“බොරු ආරංචි පතළ නො කළ යුතු ය. නපුරු සාක්ෂියකට එකඟ වෙමින්, දුෂ්ට මිනිසකුට සහාය නො දිය යුතු ය.
නික්මයාම 23:1 را جستجو کنید