ගීතාවලිය 93
93
ගීතාවලිය 93
1 ස්වාමින්වහන්සේ රජකම් කරන සේක; උන්වහන්සේ, මහානුභාවය පැලඳ සිටින සේක;
ස්වාමින්වහන්සේ ශක්තියෙන් සන්නද්ධ ව සිටින සේක,
ලෝකය, ස්ථාවර ව ස්ථාපිත ය; ඇත්තෙන් ම, එය සොලවනු නො හැක.
2ඔබගේ සිංහාසනය, අනාදියේ පටන් ම ස්ථාපිත ය;
සදාතනයේ පටන් ම ඔබ පැවත සිටින සේක.
3අහෝ ස්වාමින්වහන්ස, මහ සමුදුරු ඉහළට නැගුණෝ ය,
ඒ මහ සමුදුරු තම රළ ගොස ඉහළ නැගුවෝ ය;
මහ සමුදුරු තම රළ රැළි පෙළ ඉහළට නැගුවෝ ය.
4ඉහළ ස්වර්ගයේ ස්වාමින්වහන්සේ, පරාක්‍රමවත් ය,
මහා ජල ධාරාවන්ගේ ගිගුරුමට වඩා බලවත් ය;
මහා ජල ප්‍රවාහයනට වඩා බලසම්පන්න ය.
5අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ පනත් ස්ථාවර ය;
අනන්තය දක්වා ම
ඔබගේ ගෘහය ශුද්ධත්වයෙන් අලංකෘත ය.
Currently Selected:
ගීතාවලිය 93: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.