YouVersion Logo
Search Icon

ගීතාවලිය 67

67
ගීතාවලිය 67
සංගීත අධ්‍යක්ෂක වෙත. තත් සහිත සංගීත භාණ්ඩ සමඟ. ගීතයකි. ගීයකි.
1දෙවියන්වහන්සේ අපට දයාන්විත ව, අපට ආශිර්වාද කර,
උන්වහන්සේගේ මුහුණ අප පිට බබළවන සේක්වා! සෙලා
2එසේ, පොළොවේදී ඔබගේ මාර්ග ද දැනගන්නට ලැබේවා,
සියලු ජාතීන් අතරේ ඔබගේ ගැලවීම ද දැනගන්නට ලැබේවා!
3ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා, අහෝ දෙවියන්වහන්ස,
සකල ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා!
4ඔබ සාධාරණ ව ජනයා ආණ්ඩු කරන බැවින් ද
මිහි පිට ජාතීන්ට මග පෙන්වන බැවින් ද
ජාතීහු සන්තෝෂයෙන් යුතු ව ප්‍රීති ගීත ගයත්වා. සෙලා
5ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා, අහෝ දෙවියන්වහන්ස,
සකල ජනතාවෝ ඔබට ප්‍රශංසා කරත්වා!
6දේශය එහි පලදාව උපදවන්නේ ය;
දෙවියන්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක.
7දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කරන සේක,
එවිට ලොව සතර දිගන්තය ම උන්වහන්සේට භය වන්නේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 67