ගීතාවලිය 57
57
ගීතාවලිය 57
සංගීත අධ්‍යක්ෂක වෙත. “වනසා නො දමන්න” යන තනුවට අනුව ය. මික්තාම්#57:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. දාවිත්, සාවුල් වෙතින් ගුහාවට පලා ගිය කල.
1මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස, මට දයා වුව මැනව,
මන්ද ඔබවහන්සේ තුළ මම සරණය ලබමි;
මේ විපත්තිදායක කුණාටු පහව යන තෙක්,
ඔබගේ පියාපත් සෙවණේ මම සරණ සොයන්නෙමි.
2මා උදෙසා වූ ස්වකීය අරමුණු මුදුන් පමුණු වන දෙවියන්වහන්සේට,
මහෝත්තම දෙවියන්වහන්සේට මම මොර ගසමි.
3උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා, මා ගලවන සේක.
මා ලුහුබැඳ එන්නන්ට තරවටු කරන සේක; සෙලා
දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමයත්, විශ්වසනීයත්වයත් එවන සේක.
4මා සිටින්නේ සිංහයන් අතරේ ය;
මා ලැග සිටින්නේ ගිජු මෘගයන් අතරේ ය;
හෙල්ල හා ඊ ගස් වැනි දත් ඇති,
තියුණු අසිපත් වැනි දිව් ඇති මිනිසුන් අතරේ ය.
5උසස් වුව මැනව අහෝ දෙවියන්වහන්ස, අහස් කුසට වඩා!
ඔබගේ තේජෝ මහිමය මුළු පොළොවට ඉහළින් වේවා!
6මගේ පා හසුකර ගන්නට ඔවුහු දැලක් එළූහ;
මම දුක් සන්තාපයෙන් බර වී සිටියෙමි.
ඔවුහු මා යන මග වළක් හෑරූ නමුදු,
තුමූම එහි ඇද වැටුණෝ ය. සෙලා
7මගේ හද ස්ථිර ය අහෝ දෙවියන්වහන්ස, මගේ හද ස්ථිර ය;
මම ගී ගයන්නෙමි;
සංගීත නගන්නෙමි.
8මගේ ජීවය, අවදි වන්න!
එම්බා වීණාවනි, මහා වීණාවනි, අවදි වන්න!
මම හිමිදිරිය ද අවදි කරන්නෙමි.
9ජාතීන් අතරෙහි මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; අහෝ ස්වාමින්වහන්ස,
ජනතාවන් අතරේ මම ඔබ ගැන ගීත ගයන්නෙමි.
10මන්ද ඔබගේ නොමියෙන මහා පෙම,
ස්වර්ගය දක්වා ම නැගෙන්නේ ය. ඔබගේ විශ්වාසවන්තභාවය අහස උසට ළඟා වන්නේ ය.
11උසස් වුව මැනව අහෝ දෙවියන්වහන්ස, අහස් කුසට වඩා!
ඔබගේ තේජෝ මහිමය මුළු පොළොවට ඉහළින් වේවා!
Currently Selected:
ගීතාවලිය 57: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.