ගීතාවලිය 56
56
ගීතාවලිය 56
සංගීත අධ්‍යක්ෂක වෙත. “ඈත දේශයේ නිශ්ශබ්ද පරෙවියා” යන තනුවට අනුව ය. දාවිත්ගෙනි. මික්තාම්#56:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි. ගාත්හි දී පිලිස්තිවරුන් දාවිත් අල්ලා ගත් කල.
1මට දයා වුව මැනව, අහෝ දෙවියන්වහන්ස,
මිනිස්සු මා ලුහුබැඳ එති;
ඔවුහු දවස මුළුල්ලේ පහර දීම දැඩි කරති.
2මට අපහාස කරන්නෝ දවස පුරා මා ලුහුබඳිති;
බොහෝ දෙනෙක් උඩඟුකමින් යුතු ව මට පහර දෙති.
3මා බියපත් වූ කල, මම ඔබ තුළ විශ්වාසය තබන්නෙමි.
4මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේට ය.
එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි;
හුදු මිනිසා මට කුමක් කරන්න ද?
5දවස මුළුල්ලේ ඔවුහු මගේ වචන කණපිට පෙරළති;
හැම විටෙක ම ඔවුහු මට අනර්ථයක් කරන්නට කුමන්ත්‍රණ කරති.
6ඔවුහු රැස් ව මන්ත්‍රණ කරති; රහසේ රැක සිටිති;
මා යන එන තැන් ගැන විපරමින් සිටිති;
මගේ දිවි තොර කරන්නට උත්සුක වෙති.
7ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔවුනට ගැලවී යන්නට ඉඩ නුදුන මැනව;
අහෝ දෙවියන්වහන්ස, ඔබගේ කෝපයෙන් ඒ ජාතීන් ඇද දැමුව මැනව.
8මගේ විලාපය වාර්තා කර ගත මැනව;
මගේ කඳුළු ඔබගේ සම් බඳුනෙහි රැස් කොට මැන බැලුව මැනව,
ඔබ ඒවා සටහන් කර ගෙන නැති ද?
9එවිට උපකාර ඉල්ලා මා හඬ ගසන කල,
මගේ සතුරන් ආපසු හැරී යනු ඇත;
දෙවියන්වහන්සේ මගේ පැත්තට වග එවිට මම දැන ගන්නෙමි.
10මා වර්ණනා කරන වචනය හිමි දෙවියන්වහන්සේ තුළ,
මා වර්ණනා කරන වචනය හිමි ස්වාමින්වහන්සේ තුළ,
11එම දෙවියන්වහන්සේ තුළ මම විශ්වාසය තබමි; එබැවින් මම බය නො වන්නෙමි;
මිනිසා මට කුමක් කරන්න ද?
12මම ඔබට භාරයක් වුණෙමි, අහෝ දෙවියන්වහන්ස,
මගේ ස්තුති පූජා, මම ඔබට පිළිගන්වන්නෙමි.
13මන්ද ඔබවහන්සේ මරණයෙන් මා ගැලවූ සේක;
පැකිළ වැටීමෙන් මගේ පා වැළකූ සේක;
එසේ කළේ, දෙවියන්වහන්සේ ඉදිරියේ
මා ජීවන ආලෝකයේ හැසිරෙන පිණිස ය.
Currently Selected:
ගීතාවලිය 56: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.