YouVersion Logo
Search Icon

ගීතාවලිය 41

41
ගීතාවලිය 41
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1දුබලයින් සලකන්නා භාග්‍යවන්තයෙකි;
විපත් අවස්ථාවන්ගෙන් ස්වාමින්වහන්සේ ඔහු ගලවන සේක.
2 ස්වාමින්වහන්සේ ඔහු සුරකින සේක; ඔහුගේ ජීවිතය රකිනා සේක;
ඔහු දේශයෙහි ආශිර්වාද ලද්දකු වන අතර
උන්වහන්සේ සතුරන් අතට ඔහු හසු කරන්නේ නැත.
3ඔහුගේ ගිලන් යහනේදී ස්වාමින්වහන්සේ ඔහුට උපස්ථාන කරන සේක;
ඔහුගේ රෝග තත්වයෙන් ඔබ ඔහු මුළුමනින් සුව කරන සේක.
4“අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, මා සුව කළ මැනව,
මම ඔබට එරෙහිව පව් කර ඇත්තෙමි” යි මම යැදීමි.
5මගේ සතුරෝ මා ගැන ද්වේෂ සහගත ව,
“මොහු මැරෙන්නේ කවදා ද?
ඔහුගේ නම මැකී යන්නේ කවදා දැ?” යි අසති.
6කෙනකු මා බලන්නට ආ කල, ඉච්චාවෙන් කතා කරමින්,
හද තුළ මා ගැන නරක ආරංචි රැස් කරයි;
පසුව පිටත් ව ගොස්, තැන තැන ඒවා පතළ කරයි.
7මට වෛර සියල්ලෝ එක් ව, මට එරෙහිව රහස් කොඳුරති;
ඔවුහු මට නපුරක් කරන්නට කල්පනා කරමින්,
8“මහ නපුරු ලෙඩක් ඔහුට වැලඳිලා;
ලෙඩ-ඇඳෙන් නැගිටින්නට ඔහුට ලැබෙන්නේ නැතැ” යි කියති;
9මා විශ්වාසය තබා සිටි
මගේ හොඳ ම මිතුරා,
මා හා එක පතේ කෑ යහළුවා පවා
මට ද්‍රෝහි වූවේ ය.
10එසේ වුව ද අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව,
ඔවුන්ගෙන් පළිය ගන්නා පිණිස, යළි මා නැගිටුව මැනව.
11ඔබවහන්සේ මා ගැන ප්‍රසන්න වග මම දනිමි;
මන්ද, මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ නැත.
12මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ,
ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක.
13ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට
සදාතනයෙන් සදාතනයට පැසසුම් වේවා!
ආමෙන්! ආමෙන්!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 41