YouVersion Logo
Search Icon

ගීතාවලිය 149

149
ගීතාවලිය 149
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
විශ්වාසවන්තවූවන්ගේ එකමුතුවේදී උන්වහන්සේගේ ප්‍රශංසාව ද
ස්වාමින්වහන්සේට අලුත් ගීයක් ද ගායනා කරන්න.
2තම මැවුම්කරුවාණන් තුළ ඉශ්‍රායෙල් ප්‍රීති ප්‍රමෝද වෙත්වා;
සියොනෙහි ජනයා තම රජ්ජුරුවන් ගැන සොම්නස් වෙත්වා!
3කිකිණි රබන් ගසා, වීණා වයා උන්වහන්සේට සංගීත නංවමින්,
ඔවුහු නටමින්, උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා!
4මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා ගැන ප්‍රමෝද වන සේක;
උන්වහන්සේ යටහතුන් ගැලවීමෙන් සරසවන සේක.
5මෙම ගෞරවයෙන් යුතු ව විශ්වාසිකයෝ ප්‍රීතිමත් වෙත්වා;
තම යහන්වලදී පවා ඔවුහු සතුටින් ගී ගයත්වා.
6ඔවුන්ගේ මුවේ, දෙවියන්වහන්සේගේ උතුම් ප්‍රශංසා ද
ඔවුන්ගේ අත්වල, දෙමුවහත් අසිපත් ද තිබේවා.
7ඒ, ජාතීන්ගෙන් පළිගන්නට ය,
ජනයාට දඬුවම් කරන්නට ය;
8ඔවුන්ගේ රජුන් රැහැන්වලින් බඳින්නට ය,
ඔවුන්ගේ නායකයින් යදමින් බඳින්නට ය;
9ලියා ඇති විනිශ්චයේ තීන්දුව, ක්‍රියාවට නැගීමට ය.
උන්වහන්සේගේ සියලු විශ්වාසිකයින්ගේ තේජස මෙයයි.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ගීතාවලිය 149