ගීතාවලිය 148
148
ගීතාවලිය 148
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වර්ගවල සිට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න;
උසස් තැන්හි උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
2උන්වහන්සේගේ සියලු දේව දූතයිනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න;
උන්වහන්සේගේ ස්වර්ගීය සේනා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
3හිරු හා සඳු උන්වහන්සේට ප්‍රශංසා කරන්න;
දිදුලන තරු සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
4ඉහළතම ස්වර්ගයෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න;
අහසට උඩින් ඇති ජලයෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරන්න.
5ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා!
මන්ද උන්වහන්සේ ආඥා කළ සේක, එවිට ඒවා මවනු ලැබිණ.
6උන්වහන්සේ ඒවා ස්ථානගත කර ඇත්තේ, සදහට ම, සදාතනික ව ය;
උන්වහන්සේ ම නිකුත් කළ නියෝගය, පහව යන්නේ නැත.
7මිහි පිට සිට ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න,
එම්බා මුහුදු සත්වයිනි, මුළු මහත් සයුරු ගැඹුරෙනි,
8විදුලිය හා ගල් වැස්සෙනි, හිම හා මීදුමෙනි,
උන්වහන්සේගේ අණ ඉටු කරන කුණාටු සුළඟෙනි,
9කඳු හා හෙල් සියල්ලෙනි,
පලතුරු ගස් හා දේවදාර ගස් සියල්ලෙනි,
10වන සතුන් හා ගෘහස්ත සත්ව සියල්ලෙනි,
උරගයින් හා පියාඹන කුරුල්ලනි,
11පොළොවේ රජුන් හා සියලු ජාතීනි,
මිහි පිට අධිපතීන් හා සියලු පාලකයිනි,
12යෞවන යෞවනියනි,
මහල්ලනි, බාලයිනි.
13ඒ සියල්ලෝ ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරත්වා!
උන්වහන්සේගේ නාමය පමණක් උත්කෘෂ්ට ය;
උන්වහන්සේගේ ශෝභාලංකාරය පොළොවත්, අහසත් ඉක්මවා යයි.
14උන්වහන්සේ තම ජනයාට අඟක් ඔසවා දී ඇත්තේ,
උන්වහන්සේගේ ශුද්ධවතුන්#148:14 ශුද්ධවතුන් එනම් විශ්වාසවන්ත ජනයා උදෙසා ය,
උන්වහන්සේට සමීප ඉශ්‍රායෙල් ජනයා උදෙසා ය.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
Currently Selected:
ගීතාවලිය 148: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.