YouVersion Logo
Search Icon

ගීතාවලිය 13

13
ගීතාවලිය 13
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගේ ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, තව කොපමණ කලක් ද? ඔබ සදහට ම මා අමතක කරන සේක් ද?
තව කොපමණ කලක් මවෙතින් ඔබේ මුහුණ සඟවා ගන්නා සේක් ද?
2තව කොපමණ කලක් මා මගේ සිතුවිලි සමඟ පොර බදන්න ද?
හැමදාමත් හද-සන්තාපයෙන් සිටින්න ද?
තව කොපමණ කලක් මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ ද?
3මා දෙස බැලුව මැනව, මට උත්තර දුන මැනව අහෝ ස්වාමින්වහන්ස! මගේ දෙවියන්වහන්ස!
මගේ දෙනෙතට යළි එළිය දුන මැනවි; නැතහොත්, මා මැරී යනු ඇත.
4“මම ඔහු පැරදුවෙමි” යි කියන්නට මගේ සතුරාට ඉඩ නො තැබුව මැනවි.
මා වැටුණු කල, ප්‍රීති වන්නට මගේ එදිරිවාදීන්ට ඉඩ නො දුන මැනවි.
5එහෙත් මම, නොමියෙන ඔබේ පෙම මත විශ්වාසය තබමි;
ඔබෙන් ලැබෙන මිදීම ගැන හදවතින් මම ප්‍රීති වන්නෙමි.
6 ස්වාමින්වහන්සේට මම ගී ගයන්නෙමි,
මන්ද, උන්වහන්සේ ඒ සා මට යහපත්කම් කළ බැවිනි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Videos for ගීතාවලිය 13