ගීතාවලිය 12
12
ගීතාවලිය 12
සංගීත අධ්‍යක්ෂක වෙත. ෂෙමීනීත්#12:0 සංගීතමය යෙදුමක් විය හැක අනුව ය. දාවිත්ගේ ගීතයකි.
1පිහිට වන්න, ස්වාමින්වහන්ස, ධාර්මිකයෝ තවත් නො වෙති.
විශ්වාසවන්තයින්, මිනිසුන් වෙතින් අතුරුදහන් ව ගොසිනි.
2අසල්වැසි හැම කෙනෙක් ම එකිනෙකාට පවසන්නේ මුසා ය;
දෙසිතින් යුක්ත ව ඔවුන්
පවසන්නේ චාටු කතා ය.
3 ස්වාමින්වහන්සේ ඔවුන්ගේ දෙතොලතරින් නික්මෙන චාටු කතා ද
ඔවුන්ගේ දිවෙන් පැවසෙන පුරසාරම් ද සිඳ දමන සේක්වා!
4“අපේ දිවෙන් අපි ජය ගන්නෙමු,
අපේ දිව අපට ඕනෑ විදිහට ය.
කවුරු ද අප නවතාලන්නේ?” යි
ඔවුහු කියති.
5“දිළිදුන් කොල්ලකෑමට ලක් වන නිසාත්, දුගියනගේ කෙඳිරිය නිසාත්,
මම දැන් පිබිද එමි; ඔවුන් ආශාවෙන් පුල පුලා සිටින රැකවරණය
මම ඔවුන්ට සලසා දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
6මැටි කෝවක,
හත් වරක් ශෝධනය කළ රිදී මෙන්,
ස්වාමින්වහන්සේගේ වචන පවිත්‍ර ය.
7අහෝ ස්වාමින්වහන්ස, අප සුරැකි ව තබන්නේ ඔබවහන්සේ ය.
එබඳු පරපුරකින් සදහට අප රැකගන්නේ ඔබවහන්සේ ය.
8මිනිසුන් අතර දුරාචාරය රජයන කල,
දුෂ්ට ජනයා උදාරමින් ඔබ මොබ යන්නෝ ය.
Currently Selected:
ගීතාවලිය 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.