ගීතාවලිය 112
112
ගීතාවලිය 112
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා,
උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය.
2ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය;
අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය.
3සම්පත් ද ධනය ද ඔහුගේ නිවස තුළ වන්නේ ය;
ඔහුගේ දමිටුකම සදහට ම පවත්නේ ය.
4අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය;
ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය.
5ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්,
තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ;
6කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත;
දමිටු මිනිසා ගැන මතකය සදා පවතී.
7අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ;
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය.
8ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත.
අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය.
9ඔහු නො මසුරු ව දිළිඳුනට බෙදා දුන්නේ ය.
ඔහුගේ දමිටුකම සදහට පවත්නේ ය.
ඔහුගේ උදාරත්වය, ගෞරවයෙන් යුතු ව උසස් කෙරේ.
10දුෂ්ට මිනිසා ඒ දැක කෝප ගන්නේ ය.
ඔහු දත්මිටි කමින් සිට, ක්ෂය වී යන්නේ ය.
දුෂ්ටයින්ගේ ආශාවන් ඉෂ්ට නො වී, පහව යයි.
Currently Selected:
ගීතාවලිය 112: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.