ගීතාවලිය 111
111
ගීතාවලිය 111
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
අවංක ලෙස ක්‍රියාකරන්නවුන්ගේ සභාවේදී, ඔවුන්ගේ එකමුතුවේදී,
මගේ මුළු හදින් ස්වාමින්වහන්සේට මම ප්‍රශංසා කරන්නෙමි.
2 ස්වාමින්වහන්සේගේ ක්‍රියා උදාර ය;
ඒවා අගේ කරන සියල්ලෝ ඒවා මෙනෙහි කරති.
3උන්වහන්සේගේ ක්‍රියා ආනුභාසම්පන්න ය; ගරු ගාම්භීර ය.
උන්වහන්සේගේ ධර්මිෂ්ඨත්වය, සදහට පවත්නේ ය.
4උන්වහන්සේ ස්වකීය ආශ්චර්යයන් මතක හිටින්නට සලසන සේක;
ස්වාමින්වහන්සේ කරුණාන්විත ය; අනුකම්පා සහගත ය.
5තමන්වහන්සේට භය පක්ෂපාතවූවන්ට උන්වහන්සේ අහර සපයා දෙන සේක;
උන්වහන්සේ ස්වකීය ගිවිසුම සදා සිහි කරන සේක.
6උන්වහන්සේ ස්වකීය ක්‍රියාවන්ගේ බලය තම ජනයාට පෙන්වූයේ,
අන් ජාතීන් සතු ව තිබූ දේශ ඔවුනට උරුම කර දෙමිනි.
7උන්වහන්සේගේ අත්වලින් කළ කාර්යයන් විශ්වසනීය ය; සාධාරණය ය.
උන්වහන්සේගේ ශික්ෂා වගකීමෙන් යුක්ත ය.
8සදහට ම ස්ථිර ව පවතින ලෙස ඒවා පනවා ඇත්තේ,
විශ්වසනීයත්වයෙන් හා අවංකත්වයෙනි.
9උන්වහන්සේ ස්වකීය ජනයාට මිදීම සලසා දුන් සේක;
උන්වහන්සේ ස්වකීය ගිවිසුම, සදාතනික ව ස්ථාපිත කළ සේක.
උන්වහන්සේගේ නාමය ශුද්ධ ය. භයංකර ය.
10 ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය;
ඒවා පිළිපදින්නන්ට හරි අවබෝධය ඇත.
සදාතනික ප්‍රශංසාව හිමි උන්වහන්සේට ය.
Currently Selected:
ගීතාවලිය 111: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.