YouVersion Logo
Search Icon

ගීතාවලිය 112

112
ගීතාවලිය 112
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා,
උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය.
2ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය;
අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය.
3සම්පත් ද ධනය ද ඔහුගේ නිවස තුළ වන්නේ ය;
ඔහුගේ දමිටුකම සදහට ම පවත්නේ ය.
4අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය;
ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය.
5ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්,
තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ;
6කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත;
දමිටු මිනිසා ගැන මතකය සදා පවතී.
7අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ;
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය.
8ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත.
අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය.
9ඔහු නො මසුරු ව දිළිඳුනට බෙදා දුන්නේ ය.
ඔහුගේ දමිටුකම සදහට පවත්නේ ය.
ඔහුගේ උදාරත්වය, ගෞරවයෙන් යුතු ව උසස් කෙරේ.
10දුෂ්ට මිනිසා ඒ දැක කෝප ගන්නේ ය.
ඔහු දත්මිටි කමින් සිට, ක්ෂය වී යන්නේ ය.
දුෂ්ටයින්ගේ ආශාවන් ඉෂ්ට නො වී, පහව යයි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in