යෙසායා 9:1-3
යෙසායා 9:1-3 SCV
එසේ වුව ද සන්තාපයෙහි සිටියවුනට තවදුරටත් දුකඳුරක් නො වනු ඇත. ඉහතදී උන්වහන්සේ සාබුලොන් දේශය හා නෆ්තලී දේශය අවඥාවට ලක් කළ නමුදු, යොර්දානෙන් එතෙර මුහුදු මාවතේ ජාතීන්ගේ ගලීලය අනාගතයේදී මහිමයට පමුණුවනු ඇත. අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.







