යෙසායා 12
12
ප්රශංසාවේ ගීත
1ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:
“මම ඔබට ප්‍රශංසා කරමි, අහෝ ස්වාමින්වහන්ස,
ඔබ මා ගැන කෝප ව සිටි නමුත්,
ඔබගේ කෝපය දැන් පහව ගොස් ඇත.
ඔබ මා සැනසූ සේක.
2බලන්න! දෙවියන්වහන්සේ මගේ ගැලවීම ය.
මම විශ්වාසය තබමි; භය නො වන්නෙමි.
මන්ද ස්වාමින් වන ස්වාමින්වහන්සේ#12:2 ස්වාමින් වන ස්වාමින්වහන්සේ හෙබ්‍රෙව් යාහ් යහ්වේ මගේ ශක්තියයි. මගේ ගීතයයි.
තවද උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.”
3ප්‍රීතියෙන් යුතු ව ගැලවීමේ ළිංවලින් ඔබ,
දිය ඇද ගනු ඇත.
4ඒ දවසේ ඔබ මෙසේ කියනු ඇත:
“ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න. උන්වහන්සේගේ නාමය කියා හඬ ගසන්න.
උන්වහන්සේගේ ක්‍රියා ජාතීන් අතරෙහි දැනගන්න සලස්වා,
උන්වහන්සේගේ නාමය උත්තම වග ප්‍රකාශයට පත් කරන්න.
5 ස්වාමින්වහන්සේට ගායනා කරන්න. මන්ද උන්වහන්සේ අති විශිෂ්ට දෑ කර ඇත.
පොළොව මුළුල්ලේ එය දැනගන්නට සලස්වන්න.
6සියොනෙහි වැසියෙනි, උස් හඬින් මොර ගසා, ප්‍රීතියෙන් ගී ගයන්න.
මන්ද ඔබ මධ්‍යයේ සිටින ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ උත්තම බැවිනි.”
Currently Selected:
යෙසායා 12: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.