YouVersion Logo
Search Icon

2 කොරින්ති 5:1-8

2 කොරින්ති 5:1-8 SCV

අපගේ භූමික නිවාසය වන කූඩාරම විනාශ කරනු ලැබුවත්, මිනිස් අතින් නො සෑදුණු ස්වර්ගයේ සදාතනික නිවසක් වූ ගොඩනැගිල්ලක් දෙවියන්වහන්සේගෙන් අපට තිබෙන වග අපි දනිමු. මන්ද ඒ ස්වර්ගීය නිවහන පැලඳ ගැනීමේ දැඩි ආශාවෙන් මේ කූඩාරමේ සිටියදී අපි කෙඳිරි ගාන්නෙමු. ඇත්තෙන් ම අප එය පැලඳගත් කල, අප නග්න ව සිටින වගක් නො පෙනෙනු ඇත. මන්ද තවමත් මේ කූඩාරමේ සිටියදී බර දරමින් අප කෙඳිරි ගාන්නේ, නිරාවරණ වන්නට නො ව, මැරෙන සුළු වූ දේ ජීවනය මගින් ගිල දමනු පිණිස වඩාත් හඳවනු ලබන්නට ය. මේ අරමුණ සඳහා ම අප පිළියෙල කළේ, ඇපයක් වශයෙන් ආත්මයාණන් අපට දුන් දෙවියන්වහන්සේ ම ය. එබැවින් හැම විට අප සිටින්නේ නියත ධෛර්යයෙනි. ශරීරය තුළ අප මෙම නිවහනේ සිටියදී ස්වාමින්වහන්සේගෙන් අප දුරස්ථ ව සිටින බව අපි දනිමු. මන්ද අප ජීවත් වන්නේ ඇදහිල්ලෙනි; දැකීමෙන් නො වේ. අප පවසන්නේ නිසැක ධෛර්යයෙන් සිටින වග හා මේ ශරීරයෙන් වෙන් ව, ස්වාමින්වහන්සේ සමඟ විසීමට වඩාත් කැමති වග ය.

Free Reading Plans and Devotionals related to 2 කොරින්ති 5:1-8