YouVersion Logo
Search Icon

1 කොරින්ති 1:4-9

1 කොරින්ති 1:4-9 SCV

ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබට දෙන ලද අනුග්‍රහය ගැන මගේ දෙවියන්වහන්සේට මම නිරතුරු ස්තුති දෙන්නෙමි. සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින් ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ ගැන වූ සාක්ෂිය ඔබ තුළ තහවුරු වී ඇති අයුරිනි. එසේ කර ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොර ව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වා ම ඔබ දරා සිටිනු ඇත. ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.

Free Reading Plans and Devotionals related to 1 කොරින්ති 1:4-9