1
ගීතාවලිය 37:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ තුළ ප්රීති ප්රමෝද වන්න; උන්වහන්සේ ඔබේ හදේ අභිලාෂය ඉටු කරන සේක.
Compare
Explore ගීතාවලිය 37:4
2
ගීතාවලිය 37:5
ඔබේ ජීවිත මාර්ගය ස්වාමින්වහන්සේට භාරකරන්න; උන්වහන්සේ පිට විශ්වාසය තබන්න; එවිට උන්වහන්සේ මෙසේ කරන සේක
Explore ගීතාවලිය 37:5
3
ගීතාවලිය 37:7
ස්වාමින්වහන්සේ ඉදිරියේ සන්සුන් ව, ඉවසිලිවත් ව සිටින්න! මිනිසුන් තමන්ගේ මාර්ගවල සඵල වෙද්දී, ඔවුන් තම දුෂ්ට උපාය මාර්ග ක්රියාත්මක කරද්දී, නො කලකිරෙන්න.
Explore ගීතාවලිය 37:7
4
ගීතාවලිය 37:3
ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා, යහ වැඩ කරන්න; දේශයෙහි වෙසෙමින් සමෘද්ධිය භුක්ති විඳින්න.
Explore ගීතාවලිය 37:3
5
ගීතාවලිය 37:23-24
කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක. ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත; මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක.
Explore ගීතාවලිය 37:23-24
6
ගීතාවලිය 37:6
උන්වහන්සේ ඔබේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඔබේ යුක්තිය, මද්දහන් හිරු මෙන් ද බබළන්නට සලසන සේක.
Explore ගීතාවලිය 37:6
7
ගීතාවලිය 37:8
කෝපවීමෙන් වළකින්න: උදහස අතහරින්න; නො කලකිරෙන්න; කලකිරීමෙන් වන්නේ නපුරට යොමුවීම පමණි.
Explore ගීතාවලිය 37:8
8
ගීතාවලිය 37:25
මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය; ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත.
Explore ගීතාවලිය 37:25
9
ගීතාවලිය 37:1
දුෂ්ට මිනිසුන් නිසා නො කලකිරෙන්න. වරද කරන්නවුන් ගැන ඊර්ෂ්යා නො කරන්න.
Explore ගීතාවලිය 37:1
Home
Bible
Plans
Videos