1
යෝෂුවා 6:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
එකල ස්වාමින්වහන්සේ යෝෂුවා අමතා, “ඔන්න! යෙරිකෝව, එහි රජු සමඟ එහි රණකාමී සෙබළුන් මම ඔබේ අතට දී ඇත්තෙමි.
Compare
Explore යෝෂුවා 6:2
2
යෝෂුවා 6:5
ඔවුන් බැටළු අං හොරණෑවෙන් දීර්ඝ ස්වරයෙන් හඬ නංවන කල, ඒ හොරණෑ නාදය ඔබට ඇසෙන කල මුළු ජනතාව මහ කෑගැසීමකින් කෑ ගැසිය යුතු ය; එවිට පුර පවුර බිමට සමතලාව ඇද වැටෙන්නේ ය. එවිට ජනයා හැම කෙනෙක් ම කෙළින් ම ඉදිරියට යන්නේ යැ” යි පැවසූ සේක.
Explore යෝෂුවා 6:5
3
යෝෂුවා 6:3
පුරවරය වට කරමින්, යුද්ධකාමී මිනිසුන් සියලු දෙනා සමඟ ඔබ පුරවරය වටා එක් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය. දවස් හයක් එසේ කළ යුතු ය.
Explore යෝෂුවා 6:3
4
යෝෂුවා 6:4
පූජකයින් හත් දෙනෙක් ගිවිසුම් කරඬුවට පෙරටුව බැටළු අං හොරණෑ හතක් රැගෙන, යා යුතු ය. හත්වෙනි දවසේ පුරවරය වටා හත් වරක් පෙළපාලියෙන් ගමන් කළ යුතු ය; පූජකයින් හොරණෑ පිඹිය යුතු ය.
Explore යෝෂුවා 6:4
5
යෝෂුවා 6:1
මේ වන විට ඉශ්රායෙල් ජනයා නිසා, යෙරිකෝව තරයේ වසා දමන ලදී; කිසිවකු පිටතට ගියේවත්, ඇතුළට ආවේවත් නැත.
Explore යෝෂුවා 6:1
6
යෝෂුවා 6:16
හත් වන වාරයේ පූජකයින් දීර්ඝ ස්වරයෙන් හොරණෑ හැඬ වූ කල, යෝෂුවා ජනයා අමතමින්, “ජය ගොස නගනු! මන්ද, ස්වාමින්වහන්සේ පුරවරය ඔබට දී තිබේ.
Explore යෝෂුවා 6:16
7
යෝෂුවා 6:17
පුරවරයත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේ උදෙසා මුළුමනින් ම විනාශයට කැප ය. රාහාබ් වෙසඟන හා ඇය සමඟ නිවසේ සිටින ඇගේ නිවසේ සිටින අයට පමණක් ජීවත් විය හැක. මන්ද අප යැවූ පණිවුඩකරුවන් සැඟවූයේ ඇයයි.
Explore යෝෂුවා 6:17
Home
Bible
Plans
Videos