දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් බලවතුන් ඉවත ඇද දමන සේක;
ඔවුන් ස්ථාවර ව පිහිටා සිටියත් ජීවිතය පිළිබඳ සහතිකයක් ඔවුනට නැත.
සුරක්ෂිත ය යන හැඟීමෙන් පසුවන්නට උන්වහන්සේ ඔවුනට ඉඩ සලසන නමුදු,
උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙසට යොමු ව ඇත.
සුළු කලකට ඔවුහු උසස් කරනු ලබති; ඉන්පසු ඔවුන් තුරන් ව ගොසිනි;
ඔවුහු පහත් කරනු ලැබ, අන් සියල්ලන් මෙන් එක්කාසු කරනු ලබති;
ගොයම් කරල් මෙන් ඔවුන් කපා දැමේ.