1
යෙසායා 60:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
නැගිටින්න; බැබළෙන්න; මන්ද ඔබේ ආලෝකය පැමිණ ඇත. ස්වාමින්වහන්සේගේ තේජස ද ඔබ මත උදා වී ඇත.
Compare
Explore යෙසායා 60:1
2
යෙසායා 60:3
ඔබේ එළිය වෙත ජාතීන් ද ඔබේ උදාවේ දීප්තිය වෙත රජුන් ද එනු ඇත.
Explore යෙසායා 60:3
3
යෙසායා 60:2
ඔන්න! අන්ධකාරයෙන් පොළොව ද ඝන අන්ධකාරයෙන් ජනයා ද වසා ගැනේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබ මත උදා වන සේක්, උන්වහන්සේගේ තේජස ඔබ වෙතින් දිස් වන්නේ ය.
Explore යෙසායා 60:2
4
යෙසායා 60:22
ඔබේ ඉතාම සුළු තැනැත්තා දහසක් ද ඉතාම කුඩා තැනැත්තා බලවත් ජාතියක් ද වනු ඇත. මම ස්වාමින්වහන්සේ ය; නිසි කල ආ කල, මම විගසින් මෙය සිදු කරන්නෙමි.”
Explore යෙසායා 60:22
5
යෙසායා 60:19
තවදුරටත් ඔබේ දහවලේ එළිය හිරු නො වේ. සඳුගේ දීප්තිය ද ඔබට එළිය ගෙන නො දේ. එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ සදාතනික එළිය වන සේක. ඔබේ දෙවියන්වහන්සේ ඔබේ තේජස වන සේක.
Explore යෙසායා 60:19
6
යෙසායා 60:20
ඔබේ හිරු යළි කිසි දින බැස යන්නේ නැත. ඔබේ සඳු තවදුරටත් අවපසට යන්නේ නැත. ඔබේ සදාතනික එළිය වන්නේ ස්වාමින්වහන්සේ ය. ඔබේ සෝ-දුක් දවස් නිමාවට පත් වන්නේ ය.
Explore යෙසායා 60:20
7
යෙසායා 60:5
එවිට ඔබ එය බලා, ප්‍රීතියෙන් පිනා යනු ඇත. ඔබේ හද පිබිද, ප්‍රීතියෙන් ඔකඳ වනු ඇත. මන්ද මුහුදේ ඉසුරු ද ජාතීන්ගේ වස්තුව ද ඔබ කරා ගලා එන්නේ ය.
Explore යෙසායා 60:5
8
යෙසායා 60:4
ඔබේ ඇස් ඇර, අවට බලන්න. ඔවුහු සැවොම එක් රැස් ව, ඔබ වෙත එන්නෝ ය. ඔබේ පුත්තු දුර ඈත සිට පැමිණෙති. ඔබේ දූවරු උකුළේ වඩාගෙන ගෙන එනු ලබන්නෝ ය.
Explore යෙසායා 60:4
9
යෙසායා 60:21
ඔබේ සියලු ජනයා ධර්මිෂ්ඨ වන්නෝ ය. ඔවුහු සදහට ම දේශය උරුම කර ගන්නෝ ය. මා තේජසට පත් වන පිණිස, මගේ දෑතේ කාරිය වන මවිසින් හිඳුවන ලද පැළෑටිය ඔවුන් ය.
Explore යෙසායා 60:21
10
යෙසායා 60:18
සැහැසිකම ගැන, ඔබේ දේශයෙහි තවත් අසන්නට ලැබෙන්නේ නැත. වැනසීම හා විනාශය ගැන, ඔබේ සීමා ඇතුළත ඇසෙනු නැත. ඔබේ පවුරු ගැලවීම කියා ද ඔබේ දොරටු ප්‍රශංසාව කියා ද ඔබ පවසනු ඇත.
Explore යෙසායා 60:18
11
යෙසායා 60:11
ඔබේ දොරටු, හැම විට විවර ව තිබෙනු ඇත. දිවා රැයේ ඒවා වසනු නො ලැබේ. එසේ වන්නේ, ජනයා ජාතීන්ගේ සම්පත් ඔබ වෙත ගෙනෙනු ලබන පිණිස ය. එහි පෙරමුණ ගෙන එන්නේ ඔවුන්ගේ රජවරුන් ය.
Explore යෙසායා 60:11
12
යෙසායා 60:6
රංචු රංචු ඔටුවන්ගෙන්, මිදියන්හි හා ඒෆාහි නාඹර ඔටුවන්ගෙන්, ඔබ වැසී යනු ඇත. ෂෙබාහි සියල්ලෝ ඔබ වෙත එනු ඇත. ඔවුන් පැමිණෙන්නේ රත්රන් හා සුවඳ ද්‍රව්‍ය රැගෙන ශුභ ආරංචිය ද ස්වාමින්වහන්සේගේ ප්‍රශංසාව ද රැගෙන ය.
Explore යෙසායා 60:6
13
යෙසායා 60:10
“විදේශිකයින් ඔබේ පවුරු ගොඩ නගනු ඇත. ඔවුන්ගේ රජවරුන්, ඔබට මෙහෙ කරනු ඇත. මන්ද උදහසින් යුතු ව මා ඔබට පහර දුන් නමුදු, ප්‍රසාදයෙන් යුතු ව මම ඔබට අනුකම්පා කරමි.
Explore යෙසායා 60:10
14
යෙසායා 60:15
“අත්හැර දමනු ලැබ, වෛර කරනු ලැබ, කිසිවකුත් ඔබ මැදින් ගමන් කරනු නො ලැබ, ඔබ සිටි නමුදු, මම ඔබ සදාතනික ආඩම්බරයක් ද යුගයෙන්-යුගයට ප්‍රීතියක් ද කරන්නෙමි.
Explore යෙසායා 60:15
15
යෙසායා 60:16
ජාතීන්ගේ කිරි උරා බොන ඔබ රාජකීය ළය මඬලින් පෝෂණය ලබනු ඇත. එවිට ස්වාමින්වහන්සේ වන මා, ඔබේ ගැලවුම්කරුවාණන් වග, ඔබේ මිදුම්කරුවාණන් වග, යාකොබ්ගේ බලවන්තයාණන් වග ඔබ දැනගනු ඇත.
Explore යෙසායා 60:16
Home
Bible
Plans
Videos