“මා ගැන නම්, ඔවුන් සමඟ මගේ ගිවිසුම මේ යැ” යි ස්වාමින්වහන්සේ කියන සේක. “ඔබ මත වෙසෙන මගේ ආත්මයාණන් හා මවිසින් ඔබේ මුවෙහි තබන ලද මගේ වචන මෙතැන් පටන් සදහට ම ඔබේ මුවින් හෝ ඔබේ දරුවන්ගේ මුවින් හෝ ඔවුන්ගේ දරු පරපුරේ මුවින් හෝ බැහැර නො වනු ඇතැ” යි ස්වාමින්වහන්සේ පවසන සේක.