“මවිසින් තේරූ නිරාහාර ශීලය, මෙන්න මේ ආකාර එකක් නො වේ ද?
අයුක්තියේ බැමි මුදා හැරීමත්,
වියගසේ ලණු ලිහා දැමීමත්,
පීඩිතවූවන් මුදාලීමත්,
හැම වියගහක් ම කඩා දැමීමත් නො වේ ද?
එය, සාගිනි වූවන් සමඟ ඔබේ ආහාර බෙදා හදා ගැනීමත්,
ගෙයක්-දොරක් නැති දුගියන් ඔබේ නිවසට පිළිගැනීමත්,
ඇඳුම් නැති කෙනකු දුටු කල, ඒ අයට ඇඳුම් දීමත්,
තමාගේ ම නෑසියන් වෙතින් ඉවත නො හැරීමත් නො වේ ද?