YouVersion Logo
Search Icon

යෙසායා 58:13-14

යෙසායා 58:13-14 SCV

“ඔබේ කාරණා කටයුතු කර ගනු පිණිස සබත් දින කඩ කිරීමෙන් ඔබේ පාද වළක්වා ගන්නේ නම්, සබත ප්‍රීතියක් යයි ද ස්වාමින්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය යයි ද හඳුන්වන්නේ නම්, ඔබේ මනාපයට ම වැඩ නො කර, වල්පල් කතා නො කර, ඔබ ඊට ගරු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිය ඔබ අත්දකිනු ඇත. ලෝකයේ උස් තැන් මත නැගී යන්නට මම ඔබට සලසා දෙන්නෙමි. තවද, ඔබේ ආදී පිය යාකොබ්ගේ උරුමයෙන් ඔබ පිනවීමට සලස්වන්නෙමි” යි ස්වාමින්වහන්සේගේ ම මුවින් පවසා ඇත.