මන්ද උත්තම වූ ද උසස් කරනු ලැබුවා වූ ද
සදහට ම ජීවත් වන්නා වූ ද ශුද්ධය යන නාමය දරන තැනැත්තාණන් මෙසේ කියන සේක:
“මා වෙසෙන්නේ උත්තම, ශුද්ධ තැනක ය.
තවද යටහතුන්ගේ ආත්ම යළි පුබුදන්නටත්,
පසුතැවිලි හැඟීමෙන් යුතු වූවන්ගේ හදවත් යළි පුබුදන්නටත්
පසුතැවිලි හැඟීමෙන් හා යටහත් ආත්මයෙන් යුතු වූවන් සමඟ ද මම සිටිමි.
මා සදහට වාද කරන්නේ නැත.
හැම විට මා කෝපයෙන් සිටින්නේ ද නැත.
නැතහොත් ආත්ම, මවිසින් මවන ලද ජීවන හුස්ම,
මා අබියස ක්ලාන්ත වී යනු ඇත.