තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්,
උන්වහන්සේට මෙහෙකිරීමටත්,
ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්,
උන්වහන්සේගේ සේවකයන් වීමටත්,
සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා
මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්–
මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්,
මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි.
ඔවුන්ගේ දවන යාග ද පූජා ද,
මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ.
මන්ද ‘මගේ ගෘහය,
සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.”