වැස්ස හා හිම,
අහසින් පොළොවට වැටී,
පොළොව තෙත් කොට, දළු පැළ නංවා,
වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද
හට ගැන්වෙන සේ බිම සශ්රීක කොට මිස,
ආපසු හැරී නො එන්නේ යම් සේ ද,
මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි.
එය හිස් අතින් මා වෙත හැරී නො එයි.
එය මගේ අභිලාෂය ඉෂ්ට කර,
මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.