1
යෙසායා 54:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබට එරෙහිව නිම වන ලද කිසි ආයුධයක් සඵල නො වේ. විනිශ්චයේදී ඔබට එරෙහිව චෝදනා කරන හැම දිවක් ම ඔබ විසින් වරදට පත් කෙරේ. ස්වාමින්වහන්සේගේ සේවකයින්ගේ උරුමය එයයි. මවෙතින් ලැබෙනා ඔවුන්ගේ නිදොස් බවේ සහතිකය මෙය යැ!” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
Compare
Explore යෙසායා 54:17
2
යෙසායා 54:10
මන්ද කඳු නික්ම යනු ඇත. හෙල් ද ඉවත් කරනු ලබන්නේ ය. එහෙත් ඔබට ඇති මගේ නොමියෙන පෙම ඔබ වෙතින් නික්ම යන්නේ නැත. මගේ සාමයේ ගිවිසුම ද ඉවත් කරනු ලබන්නේ නැතැ” යි ඔබට දයානුකම්පා පානා ස්වාමින්වහන්සේ කියන සේක.
Explore යෙසායා 54:10
3
යෙසායා 54:4
“භය නො වන්න, මන්ද ඔබ ලජ්ජාව විඳින්නේ නැත. නින්දාව ගැන අධෛර්ය නො වන්න, මන්ද ඔබ අවමානයට පත් වන්නේ නැත. මන්ද ඔබේ යෞවනයේ ලජ්ජාව, ඔබට අමතක වනු ඇත. ඔබේ වැන්දඹු භාවයේ නින්දාව, ඔබට තවත් සිහි වන්නේ නැත.
Explore යෙසායා 54:4
4
යෙසායා 54:5
මන්ද ඔබේ සැමියා, ඔබේ මැවුම්කරුවාණන් ය. සේනාංකවල ස්වාමින්වහන්සේ යනු උන්වහන්සේගේ නාමයයි. ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ඔබේ මිදුම්කරුවාණන් ය. උන්වහන්සේ හඳුන්වනු ලබන්නේ, මුළු පොළොවෙහි දෙවියන්වහන්සේ යනුවෙනි.
Explore යෙසායා 54:5
5
යෙසායා 54:2
“ඔබේ කූඩාරමේ ගෙබිම, පුළුල් කර ගන්න. ඔබේ ගෙබිමේ කූඩාරම් තිර, දිග හරින්න. නවතා නො ගන්න. ඔබේ ලණු පොට ඉතා දීර්ඝ කොට, එහි ඉණි ශක්තිමත් ව සිටුවන්න.
Explore යෙසායා 54:2
6
යෙසායා 54:13
ඔබගේ පුතුන් සැවොම ස්වාමින්වහන්සේ විසින් උගන්වනු ලබති. ඔබගේ දරුවන්ගේ ශාන්තිය අති මහත් වනු ඇත.
Explore යෙසායා 54:13
7
යෙසායා 54:8
කෝපයේ රළ-පතරකින් ඔබ වෙතින් මම, මොහොතකට මගේ මුහුණ සඟවා ගතිමි. එහෙත් සදාතනික ප්‍රේමයෙන් මම ඔබට අනුකම්පා කරමි” යි ඔබේ මිදුම්කරුවාණන් වන ස්වාමින්වහන්සේ පවසන සේක.
Explore යෙසායා 54:8
8
යෙසායා 54:7
“එක් සුළු මොහොතකට මම ඔබ අත්හළෙමි. එහෙත් මහා අනුකම්පාවකින් මම යළි ඔබ කැඳවා ගනිමි.
Explore යෙසායා 54:7
9
යෙසායා 54:9
“මට මෙය නෝවාගේ දවස් වැන්න. නෝවාගේ ගං වතුර යළි කිසි දින පොළෝ තලය වසා ගන්නේ නැතැයි මා දිවුරා ඇති පරිදි, ඔබ කෙරේ කෝප වන්නේ නැති වගට හා යළි කිසි දින ඔබට තරවටු නො කරන වගට මම දැන් දිවුළෙමි.
Explore යෙසායා 54:9
10
යෙසායා 54:12
ඔබේ ආරක්ෂක පවුරු රතුකැටවලින් ද ඔබගේ ගේට්ටු දිළිසෙන මැණික් ගලින් ද ඔබගේ මුළු පවුර, වටිනා මැණික්වලින් ද තනමි.
Explore යෙසායා 54:12
Home
Bible
Plans
Videos