යෙසායා 55:10-11
යෙසායා 55:10-11 SCV
වැස්ස හා හිම, අහසින් පොළොවට වැටී, පොළොව තෙත් කොට, දළු පැළ නංවා, වපුරන්නාට බීජ ද භුක්තිවිඳින්නාට අහර ද හට ගැන්වෙන සේ බිම සශ්රීක කොට මිස, ආපසු හැරී නො එන්නේ යම් සේ ද, මගේ මුවින් නික්මෙන මගේ වචනය ද එසේ ම වෙයි. එය හිස් අතින් මා වෙත හැරී නො එයි. එය මගේ අභිලාෂය ඉෂ්ට කර, මා එය යැවූ අරමුණ මුදුන් පමුණුවයි.










