මම වනාන්තරයේ
දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි.
කාන්තාර බිමෙහි
සයිප්රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි.
එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්,
ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත්
ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය;
ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.