1
යෙසායා 40:29
සිංහල කාලීන පරිවර්තනය
SCV
ක්ලාන්තවූවන්ට උන්වහන්සේ බලය දෙන සේක. ශක්තිය නැති අයට උන්වහන්සේ ශක්තිය වඩවන සේක.
Compare
Explore යෙසායා 40:29
2
යෙසායා 40:30-31
යෞවනයෝ පවා වෙහෙසට-මහන්සියට පත් වෙති. තරුණයෝ අඩපණ වී වැටෙති. එහෙත් ස්වාමින්වහන්සේ තුළ අපේක්ෂාවෙන් බලා සිටින්නෝ, තම ශක්තිය අලුත් කර ගන්නෝ ය. ඔවුහු රාජාලීන් මෙන් පියාසලා, ඉහළ නගින්නෝ ය. ඔවුහු දුවන නමුදු වෙහෙසට පත් නො වන්නෝ ය. ඔවුහු ඇවිදින නමුදු ක්ලාන්ත නො වන්නෝ ය.
Explore යෙසායා 40:30-31
3
යෙසායා 40:28
ඔබ දන්නේ නැති ද? ඔබ අසා නැති ද? ස්වාමින්වහන්සේ සදාතනික දෙවියන්වහන්සේ ය. පොළෝ සීමා දක්වා මැවුම්කරුවාණන් ය. උන්වහන්සේ වෙහෙසටවත්, මහන්සියටවත් පත් වන්නේ නැත. උන්වහන්සේගේ දැනගැන්ම සොයා දැනගත නො හැක.
Explore යෙසායා 40:28
4
යෙසායා 40:3
මෙසේ හඬ ගසන්නකුගේ කටහඬෙකි: “පාළුකරයේ ස්වාමින්වහන්සේට මාර්ගය පිළියෙල කරනු. අපේ දෙවියන්වහන්සේට කාන්තාරයේ මහ මාවතක් සෘජු ව සාදනු.
Explore යෙසායා 40:3
5
යෙසායා 40:8
තණපත් වියළෙයි; මල් පරවෙයි. එහෙත් අපගේ දෙවියන්වහන්සේගේ වචනය, සදහට පවතියි.”
Explore යෙසායා 40:8
6
යෙසායා 40:5
එකල ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය එළිදරවු වනු ඇත. සමස්ත මිනිස් වර්ගයා එක් ව, එය දකිනු ඇත. මන්ද ස්වාමින්වහන්සේගේ මුවින් එය පවසා ඇත.”
Explore යෙසායා 40:5
7
යෙසායා 40:4
හැම මිටියාවතක් ම ඔසවාලනු ලැබ, හැම කන්දක් හා හෙලක් ම පහත් කරනු ලැබේ. රළු පොළොව, සමතලා වනු ඇත. විෂම තැන්, තැනිතලාවක් වනු ඇත.
Explore යෙසායා 40:4
8
යෙසායා 40:11
එඬේරකු මෙන් උන්වහන්සේ තම රංචුව රැක බලාගන්නා සේක: උන්වහන්සේ බැටළු පැටවුන් දෝතට ගෙන, පපුවට තද කර ගෙන යමින්, ගැබ්බර දෙනුන් සෙමෙන් දක්කාගෙන යන සේක.
Explore යෙසායා 40:11
9
යෙසායා 40:26
ඔබගේ ඇස් ඔසවා, අහස් කුස දෙස බලන්න. මේ සියල්ල මැවුවේ කවුරු ද? තරු මඬුල්ලෙහි එකින් එක පිටතට ගෙනැවිත්, ඒ එකින් එකට නම් කියා හඬ ගසන තැනැත්තාණන් ය. උන්වහන්සේගේ මහත් බලය හා ප්රබල ශක්තිය නිසා, ඒ එකකුදු නැති වන්නේ නැත.
Explore යෙසායා 40:26
10
යෙසායා 40:22
ඒ පෘථිවි චක්රයට ඉහළින්, හිඳ සිටින තැනැත්තාණන් ය. එහි වාසය කරන්නන් පළඟැටියන් වැන්න. අහස් කුස උඩු වියනක් සේ දිග හරින, වාසය පිණිස ඒවා කූඩාරමක් සේ විහිදුවන තැනැත්තාණන් ය.
Explore යෙසායා 40:22
11
යෙසායා 40:2
යෙරුසලමට මෘදු බසින් කතා කර, ඇගේ අසීරු සේවය නිම කරන ලද බවත්, ඇගේ අපරාධ කමා කරන ලද බවත්, ඇගේ සියලු පාපවලට ස්වාමින්වහන්සේ අතින් ඇයට දෙගුණයක් ලැබුණු බවත් හඬඟා ඇයට කියන්න.
Explore යෙසායා 40:2
12
යෙසායා 40:6-7
“කෑ මොර දෙන්නැ” යි කටහඬක් පවසයි. “කුමක් කෑ මොර දෙම් දැ?” යි මම ඇසීමි. “සියලු මාංසිකයින් තණපත් වැන්න. ඔවුන්ගේ මුළු අලංකාරය කෙත් වත්හි මල් වැන්න. තණපත් වියළෙයි; මල් පරවෙයි. මන්ද ස්වාමින්වහන්සේගේ හුස්ම ඒවා පිට වැදේ. සැබවින් ම ජනයා තෘණ ය.
Explore යෙසායා 40:6-7
13
යෙසායා 40:10
මෙන්න! පරමාධිපති ස්වාමින්වහන්සේ බලයෙන් යුතු ව එන සේක. උන්වහන්සේගේ බාහුව උන්වහන්සේ වෙනුවෙන් පාලනයෙහි යෙදෙයි. මෙන්න! උන්වහන්සේගේ ඉටු විපාක උන්වහන්සේ සමඟ ය. උන්වහන්සේගේ පල විපාක උන්වහන්සේ අබියස ය.
Explore යෙසායා 40:10
14
යෙසායා 40:1
මගේ ජනයා සනසන්න, ඔව්, සනසන්නැයි ඔබේ දෙවියන්වහන්සේ පවසන සේක.
Explore යෙසායා 40:1
15
යෙසායා 40:12-14
මුහුදේ ජලය තම අත්ලෙන් මැන්නේ කවුරු ද? අහසේ දිග පළල තම වියතින් ලකුණු කළේ කවුරු ද? පොළොවේ දූවිලි, හුණ්ඩුවක දමා ගත්තේ කවුරු ද? තරාදියකින් කඳු ද තුලාවකින් හෙල් ද කිරා බැලුවේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්ට මග පෙන්වූයේ කවරෙක් ද? උන්වහන්සේගේ උපදේශකයා සේ උන්වහන්සේට උපදෙස් දුන්නේ කවරෙක් ද? අවබෝධය ලැබීමට උන්වහන්සේ උපදෙස් ගත්තේ කවරකුගෙන් ද? උන්වහන්සේට යුක්තියේ මාවත් ඉගැන්වූයේ කවුරු ද? උන්වහන්සේට දැනගැන්ම ඉගැන්වූයේ කවරෙක් ද? නොහොත් තේරුම්ගැන්මේ මාර්ගය උන්වහන්සේට පෙන්වා දුන්නේ කවුරු ද?
Explore යෙසායා 40:12-14
Home
Bible
Plans
Videos