1
හෙබ්‍රෙව් 4:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතුවිලි හා ආකල්ප විමසයි.
Compare
Explore හෙබ්‍රෙව් 4:12
2
හෙබ්‍රෙව් 4:16
එබැවින්, දයාව හා අනුග්‍රහය අවැසි වෙලාවට ලබන පිණිස, අනුග්රහයේ සිංහාසනය වෙත දැඩි විශ්වාසයෙන් ළඟා වෙමු.
Explore හෙබ්‍රෙව් 4:16
3
හෙබ්‍රෙව් 4:15
මන්ද අපට සිටින්නේ, අපගේ දුබලතා ගැන අනුකම්පා කරන්නට නො හැකි කෙනකු නො ව, හැම අයුරින් ම අප හා සමාන ව පරීක්ෂාවනට ලක් කරනු ලැබූ, එහෙත් පවින් තොර, උත්තම පූජකයාණන් කෙනෙකි.
Explore හෙබ්‍රෙව් 4:15
4
හෙබ්‍රෙව් 4:13
කිසි මැවිල්ලක් උන්වහන්සේගේ ඇසින් සැඟවී නැත. අප විසින් ගණන් දිය යුතු වූ තැනැන්වහන්සේගේ ඇස් හමුවේ හැම දෙයක් ම නිරාවරණ ය; විවෘත ය.
Explore හෙබ්‍රෙව් 4:13
5
හෙබ්‍රෙව් 4:14
එබැවින්, අහස් මණ්ඩල පසු කර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.
Explore හෙබ්‍රෙව් 4:14
6
හෙබ්‍රෙව් 4:11
එබැවින් එම ආකාරයේ අකීකරුකමින් අප කිසිවකුත් වැටී නො යන පිණිස, ඒ විශ්‍රාමයට ඇතුළු වීමට පරිශ්රම දරමු.
Explore හෙබ්‍රෙව් 4:11
Home
Bible
Plans
Videos