1
යෝෂුවා 6:2
Sinhala Revised Old Version
SROV
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: බලන්න, යෙරිකෝවද එහි රජද බලවත් යුද්ධකාරයන්ද නුඹ අතට පාවාදුනිමි.
Compare
Explore යෝෂුවා 6:2
2
යෝෂුවා 6:5
තවද ඔවුන් බැටළු අං හොරණෑවෙන් බොහෝ වේලාවක් ශබ්ද පවත් වන විට, හොරණෑ ශබ්දය නුඹලාට ඇසුණාම, මුළු සෙනඟ මහත් ඔල්වර හඬක් පවත්වත්වා; එවිට නුවර පවුර ඇද වැටෙන්නේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගීයත්වයි කීසේක.
Explore යෝෂුවා 6:5
3
යෝෂුවා 6:3
යුද්ධකාරයෝවූ නුඹලා සියල්ලෝ නුවර වටකරින් එක වරක් නුවර වටේට යන්න. සදවසක් නුඹ විසින් එසේ කළ යුතුය.
Explore යෝෂුවා 6:3
4
යෝෂුවා 6:4
පූජකයෝ සත්දෙනෙක් බැටළු අං හොරණෑ සතක් රැගෙන ගිවිසුම් පෙට්ටියට පෙරටුව යෙත්වා. සත්වෙනි දවසේදී සත් වරක් නුවර වටේට යන්න, පූජකයෝද හොරණෑ පිඹිත්වා.
Explore යෝෂුවා 6:4
5
යෝෂුවා 6:1
යෙරිකෝව ඉශ්රායෙල් පුත්‍රයන් නිසා තරයේ වසා තිබුණේය. කිසිවෙක් පිටතට නොගියේය, ඇතුළටද නාවේය.
Explore යෝෂුවා 6:1
6
යෝෂුවා 6:16
සත්වෙනි වර පූජකයන් හොරණෑ පිම්බ කල යෝෂුවා සෙනඟට කථාකොට: ඔල්වර හඬගසන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹලාට නුවර දී තිබේ.
Explore යෝෂුවා 6:16
7
යෝෂුවා 6:17
නුවර හා එහි ඇති සියල්ල ස්වාමීන්වහන්සේ උදෙසා මුළුමනින්ම විනාශයට කැප වන්නේය. රාහාබ් නම් වේශ්‍යා ස්ත්‍රිය අප යැවූ පණිවිඩකාරයන් සැඟෙවු බැවින් ඈද ඈ සමඟ ගෙයි සිටින සියල්ලෝද පමණක් ජීවත්වන්නෝය.
Explore යෝෂුවා 6:17
Home
Bible
Plans
Videos