නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 8 වන දිනය

මනසේ කල්පනාව

උන්වහන්සේ තුළ ජීවනය තිබුණේය; ඒ ජීවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය.- යොහන් 1:4

මාගේ මිතුරා, වී සිටිය ස්ටීව් බ්ලයි, ප්‍රයෝජනවත් - නිර්මාණශීලී කෙනෙකු විය. ස්ටීව් හට කිතුණු බටහිර ප්‍රබන්ධ කථා ලිවීමේ විශේෂ හුරුබුහුටිකමක් තිබුණි. නිරන්තරයෙන්ම ඔහුගේ සිතෙන් මවාගත් චරිත සහ කතන්දර ගෙතීමට හැකිවූ අතර, ඒවා සිදුවිය නොහැකි තරම් විශ්මිත වුවත් සම්පූර්ණයෙන් විශ්වාස කළ හැකිව තිබුණි.

ස්ටීව්ගේ එක් විනෝදාංශයක් වූයේ ඔහුගේ මිතුරන් ගැන ඔහුගේ පොත්වල ලිවිමයි - මාද ඒ අතර එක් කෙනෙක් විය! ස්ටීව් “ඕල්ඩ් බිල් ක්‍රවුඩර්” නමින් නීතිය කඩකරන්නන් ලුහුබැඳ යන නීතිගරුක මිනිසෙක් යම්තැනකට කොටුකර මැරවරයන් විසින් ඔහුට වෙඩි තබනු ලබන වද දෙන කතන්දරයක් ලියුවේය. ස්ටීව්ට සියුම් ලෙස ඔහුගේ කතන්දර මැවීමේ හැකියාව වූ රචනය සහ මනසේ කල්පනාවෙන්‌ මා පුදුමයට පත්වීමි.

හොඳ රචකයන් ප්‍රබන්ධයන් “ජීවනයට” ගෙන එයි, නමුත් ඔවුන් කිසිවක් නැතිව යමක් මවනවා නොවේ. දෙවියන්වහන්සේ ඔවුන්ට දෙන ලද මනසේ කල්පනා හැකියාව, ඔවුන්ගේ චරිත සොයා ගැනීමට ඔවුන් පාවිච්චි කරති.

අනෙක් අතට යේසුස්වහන්සේ, කිසිත් නැතිකම රැගෙන සියලුමදේ බවට හැරවූසේක. බයිබලයේ පළමු පදය දෝංකාර කරවන බලවත් වචනවලින්, ගෝලයාවූ යොහන් මෙසේ ලියුවේය, “පටන්ගැන්මෙහිදී වාක්‍යාණෝ සිටිසේක, වාක්‍යාණෝ දෙවියන්වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යාණෝ දෙවියන්වහන්සේව සිටිසේක. උන්වහන්සේ පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ සමග සිටිසේක. උන්වහන්සේ කරණකොටගෙන සියල්ල සාදනලද්දේය, සාදනලද කිසිවක් උන්වහන්සේ නැතුව සාදනු නොලද්දේය” (යොහන් 1:1-4).

විශ්වය ඇතිවීමට කතා කළ සහ උන්වහන්සේගේම මනසේ සිතුවිලි වලින් එය හැඩගැන්වූ උන්වහන්සේම කුරුසියේ එල්ලී උන්වහන්සේගේ මැවිල්ල මුදා ගැනීමට සහ නැවත නගාසිටුවීමට ආසේක. මේ අපව සෑදුවාවූත් අපට ප්‍රේමකරන්නාවූත් සහ අප උදෙසා තමන්ම දුන්නාවූත් තැනන්වහන්සේය. ඒ ගැන මනසින් සිතා බලන්න!

උන්වහන්සේගේ මැවිල්ල තුළින් ඔබ දෙවියන්වහන්සේව දකින්නේ කුමන ආකාර වලින්ද?
ඔබව මැවීම, මුදාගැනීම සහ ඔබට ප්‍රේමකිරීම ගැන උන්වහන්සේට කෘතඥතාවය දැක්විය හැක්කේ කුමන ආකාරවලින්ද?

ස්වර්ගයේ පියාණෙනි, ඔබ මා ගැන කල්පනාකාරීව සිතූ ආකාරය සහ මාව පැවැත්මට ගෙනා ආකාරය සිතන විට මාගේ මනස සිතාගන්නට බැරි තරම් අවුල් වෙයි. මට ඔබ සමග සම්පූර්ණත්වයට නැවත නගාසිටවනු ලැබිමටත් මාර්ගය සැලසුම් කළසේක!

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/