නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 9 වන දිනය

ඉතා ආසන්නව සිදුවීමට යන පැමිණීම්

බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ නුඹ සමග සිටින සේක.–ලූක් 1:28

අපේ පවුල බොහෝ ආහාර සහ එකිනෙකා සමග මුණගැසීම පිණිස එකට එකතුවී සිටියෙමු. අපේ බාලම පුතා මාර්ක් ඔහුගේ භාර්යයාව සමග වේලාසනින් පැමිණි අතර, ඔහුට කෑම ගැන යාච්ඤා කරන්නට අවශ්‍ය බව ඔහුගේ මවට කීවේය. මාර්ක් සාමාන්‍යයෙන් ඉතා නිෂ්ශබ්ද නිසා අපට පොඩි පුදුමයක් දැනුනි. ඔහු එවැනි ඉල්ලීමක් කළේ ඇයි කියා ඉක්මණින්ම අපි දැනගත්තෙමු.

මාර්ක් යාච්ඤා කරන්නට පටන් ගත්විට, ඔහුට හිරවිය. පළමුව, ඔහුගේ භාර්යයාව, ඇමී, ගැන සහ ස්වාමින්වහන්සේ ඔවුන්ට සැපයූ අවස්ථාවන් ගැන දෙවියන්වහන්සේට ස්තුති කළේය. ඉන්පසුව . . . ඔවුන්ට මාස කීපයකින් උපදින්නට සිටින දරුවා ගැන ඔහු ස්තුති කළේය.

ඉතා ඉක්මණින් පැමීණීමට සිටින අපගේ මුණුපුරා ගැන මාර්ක් සහ ඇමී දැනුම් දුන්නේ එසේය!

දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේ පො‌ළොවට පැමිණීමට පෙර අවසාන සිදුවීම් අතර ළදරු උපත් ‌දෙකක් ගැන දැනුම් දී තිබුණි. පළමුව, දේවදූතයෙක් පැමිණ මහලු පූජකයෙකුට සහ ඒ හා සමාන වයසැති ඔහුගේ භාර්යයාවට දරුවෙකු ලැබෙන බවත් ඔහු මෙසියස්වහන්සේට පෙරගමන්කරුවෙකු වන බවත් කීවේය (ලූක් 1:5- 23 බලන්න). ඉන්පසුව තරුණ කන්‍යාවකට ඇය මෙසියස්වහන්සේට උපත දෙනු ඇති බව පවසන ලදී. ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට මෙසේ කීවේය, “මරියා භය නොවන්න, මක්නිසාද නුඹට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය. බලව, නුඹ ගර්භණීව පුත්‍රයෙකු වදන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න” ( 31-32 පද).

පුදුමවූ දෙවියන්වහන්සේ මේ ලෝකයට උන්වහන්සේගේ පුත්‍රයා ගෙන ආවේ සිදුවිය නොහැකි ආකාරයේ දැනුම්දීම් ඉතා වයස්ගත යුවළකට සහ ඉතා තරුණ ගැහැණු ළමයෙකුට දෙමිනි. මොනවාගේ පුදුම සහගත ප්‍රකාශ කිරීම්ද! උන්වහන්සේගේ පුත්‍රයා උන්වහන්සේ එව්වේ සියලුදෙනා උදෙසාය.

අද ඔබට “සිදුවිය නොහැකි” ලෙස පෙනෙන්නේ මොනවාද?
හාස්කම් කරන්නාවූදෙවියන්වහන්සේ සමග ඔබගේ සිදුවිය නොහැකි ලෙස පෙනෙන දේවල් ගැන විශ්වාසය තබන්නේ තෙසේද?

පුදුමාකාර දෙවියන්වහන්ස, පරාජය සහ බලාපොරොත්තු නැතිකර ගැනීමට ජීවිතයේ බොහෝ දේවල් අපට බාධා කරමින් පරීක්ෂාවට ලක්කරයි. මේවා නත්තලේ හාස්කම අපට දුන් - ඔබව විශ්වාස කරන පිණිස ලැබෙන අවස්ථාවන් ‌ලෙස දකින්නට අපට හැකිවේවා!

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/