නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 7 වන දිනය

මෙතෙක් කියනලද උසස්ම කතන්දරය

මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවූසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. - ක්‍රියා 2:32)

මා කුඩා ළමයෙක්ව සිටිද්දී (The Greatest Story Ever Told) මෙතෙක් කියන ලද උසස්ම කතන්දරය නමැති -ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය ගැන නැවත කියවෙන චිත්‍රපටය දුටුවෙමි. චාර්ල්ටන් හෙස්ටන් - යොහන් බව්තීස්ත ලෙසත් ඩේවිඩ් මැකලම් - යූදස් ඉස්කාරියෙත් ලෙසත් ජෝන් වේන් - කුරුසිය අසල සිටි ශතාධිපතියා ලෙසත් මැක්ස් වොන් සිඩෝ යේසුස්වහන්සේ ලෙසත් එම චිත්‍රපටියෙන්, එයට ඇතුලත්වූ සියලුම චරිතවල නලුවන් ගැන පාරට්ටු කරනු ලැබීය. චිත්‍රපටය සිතාමතා මනහ්කල්පිතව සහ බයිබලයට අනුකූලවද තිබුණි. අවසානයේ එය, එක් චිත්‍රපට සාදන්නෙකුගේ වීර චරිත පිළිබඳ කතන්දරයක් පිලිගැන්වීමේ ප්‍රයත්නයක් පමණක් විය.

එම චිත්‍රපටයේ අවසානයට සුවිශේෂ ස්මාරකයක් ලෙස කුරුසියක් ඇතුලත් කරයි. බෙහෝවිට ඒ ගැන අප මේ ආකාරයට නොසිතුවත්, පළමුවරට එම කතන්දරය පැහැදිලිව කියා ඇත්තේ ගෝලයාවූ පේතැස්ය. එදා පෙන්තකොස්ත දිනයේ රැස්වූ සෙනගට ඔහු කතා කළවිට, යේසුස්වහන්සේ තුළ අලුත් ජීවිතයේ හාස්කම ගැන කෙලින්ම ලැබූ තොරතුරුවලින් පේත්‍රැස් දැන සිටියේය. නිකම්ම මාලු අල්ලන්නෙකුව සිට ගෝලයෙක් ලෙස වෙනස් වුනා පමණක් නොව - ඔහු එය අත්දැක තිබුණි. ඔහු විසින් පාවා දුන්, එහෙත් ඔහු නැවත පිහිටුවා මෙතෙක් කියන ලද ශ්‍රේෂ්ඨතම කතන්දරය කීමට කැඳවීම ඔහුට දුන්නාවූ මෙසියස්වහන්සේගේ ජීවිත වෙනස්කරන්නාවූ සමාවේ බලය පේත්‍රැස් අත්දැකීමෙන් දැන සිටියේය (යොහන් 21:15-19 බලන්න).

අර්නස්ට් හෙමිංවේ මෙසේ ලියා තිබේ: සෑම සත්‍ය කතන්දරයක්ම මරණයෙන් අවසන්වේ - නමුත් යේසුස්වහන්සේගේ කතන්දරය එසේ නොවේ. ඒ දවසේ පේත්‍රැස් සෙනග ඉදිරියේ සිටගත් විට, ඔහු මේ ශුභාරංචිය ප්‍රකාශ කළේය: “මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවූසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය” – (ක්‍රියා 2:32).

මෙය මෙතෙක් කියන ලද ශ්‍රේෂ්ඨතම කතන්දරයයි මක්නිසාද එහි ප්‍රතිපලය වෙන්නේ අපගේ මැවුම්කරුවාණන් සමග සදාකාල ජීවනයයි!

අනෙක් සියලුම කතන්දරවලට වඩා ඔබට යේසුස්වහන්සේගේ කතන්දරය වෙන්ව තිබෙන්නේ කුමකින්ද?
අනෙක් අය සමග ඔබ මේ කතන්දරය බෙදා ගන්නවා ඇත්තේ කෙසේද?

යේසුස්වහන්ස, මේ නත්තලේදී මා ඔබගේ උපන්දින කතන්දරය සමරද්දී, එය අ‌නෙක් අය සමග බෙදාගත හැක්කේ කෙසේද කියා සිතන්නට මට උපකාර වුන මැනව. මාව ඔබගේ කතන්දරයේ කොටසක් කරගත් නිසා ඔබවහන්සේට බොහෝම ස්තුතියි!

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/