නත්තලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

මහිමය
ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුකර පොළොවේදී ඔබ ගෞරවයට පැම්ණවීමි. - යොහන් 17:4
ග්ලෝරී නමැති චිත්‍රපටියෙන්, එක්සත් ජනපදයේ යුද්ධ හමුදාවේ පළමුවෙන් සේවය කරන්නට යෙදුනු අප්‍රිකානු- අමෙරිකානු භට කණ්ඩායම් සමරන ලදී. සිවිල් යුද්ධය තුළ කරන ලද එම චිත්‍රපටය, ඓතිහාසික සිදුවීම් පදනම් කොටගෙන සහ කාන්තිමත් කතන්දර කීමට සාදන ලදී! නමුත් අවසානයේදී ප්‍රධාන චරිත සියල්ලම පාහේ මිය ගියහ.
සටනින් මරණයේදී මහිමය?
සමහරවිට ක්‍රීඩාවලදී ක්‍රීඩකයෙක් කළ නොහැකි දෙයක් ලෙස පෙනෙන වෑයමක් දරනවා අපි දකින්නෙමු - උදාහරණයකට, විශ්වාස කළ නොහැකි ආකාරයෙන් පිටියේ ඈත සිටින පන්දු රකින්නෙක් ඔහුගේ අත දිගුකර ගෙන තාප්පයට ඉහළින් යන බෝලය ඇල්ලීමට වෑයම් කිරීම. එය “මහිමයට යෑම” ලෙස හැඳින්වේ.
ප්‍රසිද්ධියේ සහ ප්‍රීතියෙන් පිලිගැනීමේ මහිමය?
කුරුසියට යාමට පෙර රාත්‍රියේ උන්වහන්සේ ගෙත්සමනට යන මාර්ගයේදී, මෙසේ යාච්ඤා කළසේක, “ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුකර පොළොවේදී ඔබ ගෞරවයට පැම්ණවීමි. දැන් පියාණෙනි, ලෝකය තිබෙන්ට පළමුවෙන් ඔබ වෙත මට තිබුණු මහිමයෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණෙවුව මැනව” (යොහන් 17:4-5). උන්වහන්සේ යාච්ඤා කළේ කුමක් උදෙසාද? මහිමය වෙනුවට යේසුස්වහන්සේ භාවිතා කළේ කබොද් යන වචනයයි, එයින් හරවත් ලෙස අදහස්වෙන්නේ ග්‍රැවිටාස් එනම් “ආර්ෂණයක් ඇත්තා” යනුයි. “ප්‍රඥාව, සමබරතාවය, ස්ථාවරභාවය, ඉවසීම, අපක්ෂපාතීත්වය, උදාර ශ්‍රේෂ්ඨත්වය” යනාදී සියල්ල මූර්තිමත් කරන පුද්ගලයෙක් ලෙස විස්තර කෙරේ. වෙනත් ආකාරයකට කියන්නේ නම් කබොද් පුද්ගලයෙක් සතුව ඉතාමත් යහපත් සහ ඉතාමත් වැදගත්ම ගුණාංගයන්‌ගේ සාරය පවතී.
දැන් මේ ගැන මෙනෙහි කරන්න: මුලු සදාකාලය තුළ සිටි ඉතාමත්ම සැලකිය යුතු වැදගත්ම, සත්‍යවූ සහ මහිමාන්විතවූ පුද්ගලයා ඒ සියලුම ආකර්ෂණීය දේවල් - ඒ මහිමය - ඉවත්කර දමා අපව මුදා ගැනීමට පැමිණීමට කැමතිවීම. දැන් එම වැඩය සම්පූර්ණකර, උන්වහන්සේ එම මහිමය සම්පූර්ණයෙන්ම නැවත පිහිටුවා තිබේ.
උන්වහන්සේගේ පියාණන්ගේ අංගසම්පූර්ණ කැමැත්තට සහ සැලැස්මට උන්වහන්සේගේ කීකරුවීම කරණකොටගෙන මහිමය.
මහිමය යන වචනය ඔබගේ වචනවලින් අර්ථ දක්වන්නේ කෙසේද?
මහිමයේ වඩාත් සම්පූර්ණ අර්ථකථනය යේසුස්වහන්සේ විසින් මූර්තිමත් කර තිබෙන බව ඔබට දැක ගත හැකි ආකාරයන් මොනවාද?
පියාණෙනි, අපටම මහිමය සෙවීම අපේ ස්වභාවය තුළම පවතී, නමුත් එය මහිමය යනු කුමක්ද සහ එය කුමක් සඳහාද යන්න ගැන විකෘති මතයකි. අපට සමාවුන මැනව, ඔබගේ නාමයට හිමි මහිමය ඔබට දීමට අපට උපකාරවුන මැනව.
ලියවිල්ල
මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.
More
මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/









