නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 5 වන දිනය

කළනොහැකි අසීරු මෙහෙය

ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි. යොහන් 17:26

මිෂන්: ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ, නියෝජිත ඊතන් හන්ට් හට නිතරම ඉක්මවාලිය නොහැකි බව පෙනෙන්නට තිබූණු දුෂ්කර කාර්යයන් පවරනු ලැබීය. අභියෝගය ඉදිරිපත් කළේ මෙම දරදඬු විකල්පය සමගය: “ඔබේ වැඩේ, ඔබ එය භාරගැනීමට තෝරාගැනීම කළයුතුද. . . .” ඇත්තවශයෙන්ම මිලියන ගණනක ඉරණම සුපුරුදු ලෙස පරදුවට තැබුවත් එහි ප්‍රතිපලය වන නාට්‍යය අපව අපේ ආසනවලට අලවා තබයි.

ලෝකයේ ඉරණම සැබවින්ම පරදුවට තිබුණූ තැනකදී යේසුස්වහන්සේ මෙහෙවරක නිරතවූසේක. උන්වහන්සේ මෙම මෙහෙවර පියාණන්වහන්සේ සමග සදාකාලයේ මුලසිටම බෙදාගත්සේක. උන්වහන්සේ කුරුසියට යන්නට ආසන්නව සිටියදී මුහුණදුන් දුෂ්කර අවස්ථාවට පෙර යේසුස්වහන්සේ මෙසේ යාච්ඤා කළසේක, “ඔබ මා කෙරෙහි ඇතුව සිටිප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි. තවත් දන්වන්නෙමි” (17:26).

පියාණන් සහ පුත්‍රයාණන් බෙදාගත් මෙහෙය වුනේ සමාව දීම, නැවත පිටුවීම සහ මනුෂ්‍ය වර්ගයා සම්පූර්ණ කර සෑදීමටය. දෙවියන්වහන්සේගේම ස්වරූපයෙන් මවනු ලැබූවන් වන අපි, උන්වහන්සේගේ යහපත් අභිප්‍රායන්ට විරුද්ධව කැරළි ගසා උන්වහන්සේගේ අබියස මහිමය නැතිකර ගත්තෙමු. යේසුස්වහන්සේ ආවේ ප්‍රේමය වන දෙවියන්වහන්සේගේ ප්‍රේමය නැවත අප විසින් දැනගෙන අත්දකින පිණිසය.

මෙය හිස් අනුමානයක්වත් හිස් වචනවත් නොවේ. යේසුස්වහන්සේ මෙහෙය ගැන යාච්ඤා කළ මෙහොතේම උන්වහන්සේ එම මෙහෙය ඉටුකරන පිණිස කුරුසියට යාමට මාර්ගය සාදමින් සිටින බවපියාණන්වහන්සේ සමග බෙදා ගත්සේක. උන්වහන්සේගේ මරණ‌යේදී සහ නැවත නැගිටීමෙහිදී, අපට ප්‍රීති විය හැක. මෙහෙය ඉටුකළසේක!

දෙවියන්වහන්සේට උන්වහන්සේගේ මැවිල්ල මුදාගැනීමට සහ නැවත පිහිටුවීමට අවශ්‍යවූ බව ඔබ සිතන්නේ ඇයි?
ඔබ යේසුස්වහන්සේ මෙම “කළනොහැකි මෙහෙය” භාරගැනීම ගැන සැලකිලිමත්ව බලද්දී, අපට තිබෙන උන්වහන්සේගේ ඉමහත් ප්‍රේමයට ඔබ ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

දෙව් පියාණෙනි, අප කෙරෙහි තිබෙන ඔබගේ මහත්වූ ප්‍රේමයේ විශාලත්වයේ ප්‍රමාණයන් කිසිවිටෙක අපට වටහා ගත නොහැකි, නමුත් මීට පෙර කිසිදාක අප කළාට වඩා මේ නත්තල් කාලයේ එය වැඩියෙන් අගය කිරීමට අපට උපකාර කළ මැනව.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/