නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුවනියැදිය

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

10 න් 1 වන දිනය

පෙර සහ පසුව

නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය. - ගලාති 4:4-5

මාගේ භාර්යයාව මාර්ලින් සහ මා නිවෙස් වැඩිදියුණු කරන වැඩසටහන් බලා සතුටු වුනෙමු. අතිදක්ෂයන් විසින් වාසය කිරීමට එපා වන තරම් පරණ නිවාස නවීකරණය කර කැපීපෙනෙන තත්ත්වයකට සකස්කරන ආකාරය තුළින් ඉ‌ගෙනගැනීමට අපි ආශා කළෙමු. නමුත් ඒ සියලුම ඉගෙනීමට ග්‍රහණය කරගත යුතු දෙයක් ඇත: එම නිවසේ පසුවට ඇතිවන තත්ත්වය අගය කිරීමට නම් එම නිවස පෙර පැවති තත්ත්වය ගැන අප අවබෝධ කරගත යුතුය.

අප්‍රමාණ ලෙස වඩාත් වැදගත් ආකාරයට නත්තල් කතන්දරයටද මෙම යතාර්ථය අදාලවේ. අප කතන්දරය කියන විට, “බොහෝ ප්‍රමාදවී” පටන් ගැනීමේ නැඹුරුතාවයකට යොමු වෙන්නෙමු.යේසු බබාගේ පැමිණීම අපි සමරන්නෙමු - එය ඉතාමත් මනහරය - නමුත් අපේ නිවසට පැමිණීමට උන්වහන්සේගේ නිවස අත්හැරීමට සිදුවූ බව අපි අමතක කරන්නෙමු. උන්වහන්සේ පෙර අත්හැරිය - පුදුමාකාර දේ ගැන අප සිහිකරන්නේ නැත. ඒ කිසිවක් කර කියා ගත නොහැකි ළදරුවා වීම පිණිස, දෙවියන්වහන්සේගේ සදාකාල පුත්‍රයාණෝ පියාණන්ගේ අභිමුඛය අත්හැරියසේක.

“නුමුත් කාලය සම්පූර්ණවූ කල, දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූසේක. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය.” - ගලාති 4:4-5 හි අපි කියවන්නෙමු. මෙහි ප්‍රධාන වචනය වන්නේ එවූසේක. වෙනත් තැනක සිට යේසුස්වහන්සේ මෙහි එවූසේක - ඒ යම් තැන නම් පසුවූ සදාකාලයේ උන්වහන්සේ වාසය කළ ස්ථානයයි. උන්වහන්සේ එම ස්ථානය අත්හැර මෙම ස්ථානයට පැමිණීම අප ලැබූ මහා ප්‍රේම‌ය කොපමණදැයි මනින එක මිම්මකි. මිනිස් වෙසින් පැමිණි සදාකාල තැනැන්වහන්සේගේ උපත සිහි කිරීමේදී අප සමරන්නේ එම ප්‍රේමයයි.

අපගේ ග්‍රහලෝකයට පැමිණීම පිණිස යේසුස්වහන්සේ අත්හැරිය දේ ගැන ඔබ සිතන විට ඔබට මැවෙන පින්තූරය කුමක්ද?
උන්වහන්සේ එය කළායැයි ඔබ සිතන්නේ ඇයි?

යේසුස්වහන්ස, ඔබවහන්සේගේ ජනතාව බැහැදකින පිණිස මනුෂ්‍ය ළදරුවෙක් වීමට තෝරාගැනීම ගැන ඔබට ප්‍රමාණවත් තරම් ස්තුති කිරීමට අපට නොහැක. ඔබවහන්සේගේ ප්‍රේමයේ විශාලත්වය අමතක නොකිරීමට අපට උපකාර කළ මැනව.

ලියවිල්ල

මෙම සැලැස්ම පිළිබඳ තොරතුරු

නත්ත‌ලේ සමාදානය සහ පොරොන්දුව

නත්තල් කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ අපට අත් විඳිය හැකි බලාපොරොත්තුව ආවර්ජනය කරන්න ඔබට උපකාර වන කියවීම් සැළැස්මක් ඔබ හා බෙදා ගන්න අපි කැමැත්තෙමු.

More

මෙම සැලසුම ලබා දීම ගැන අපි Our Daily Bread Asia Pacific ට ස්තූති කිරීමට කැමැත්තෙමු. වැඩි විස්තර සඳහා, කරුණාකර පිවිසෙන්න: https://sinhala-odb.org/